මුස්ලිම් විවාහ නීතිය ඉක්මණින් සංශෝධනය කරන්න - මුස්ලිම් කාන්තා ක්‍රියාකාරිනියන්

මුස්ලිම් විවාහ නීතිය ඉක්මණින් සංශෝධනය කරන්න - මුස්ලිම් කාන්තා ක්‍රියාකාරිනියන්

මුසිල්ම් විවාහ සහ දික්කසාද නීතිය සංශෝධනය කිරීම සඳහා පත්කළ කමිටුවේ වාර්තාව තවදුරටත් ප්‍රමාද නොකරන ලෙස සහ එම නීතිය ඉක්මණින් සංශෝධනය කරන ලෙස ඉල්ලමින් අද (22) උදෑසන ශ්‍රේෂ්ඨාධිකරණය අසල නිහඬ විරෝධයක් පැවැත්විණි.

මුස්ලිම් කාන්තා ක්‍රියාකාරිනියන් පිරිසක් විසින් සංවිධානය කර තිබූ එම විරෝධතාවයේ තවත් ඉල්ලීමක් වූවේ අධිකරණ අමාත්‍යංශය මගින් පත්කරන ලද කොමිසම් වාර්තාවේ තත්ත්වය සහ එය බාරදෙන දිනය දන්වන ලෙසයි.

මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය සංශෝධනය කිරීම සඳහා අධිකරණ අමාත්‍යංශය මගින් 2009 වසරේ කමිටුවක් පත්කර තිබුණි. වසර නාමයක් ගතව ඇතත් එහි වාර්තාව කෙසේ සකස් වෙන්නේද යන්න පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති බව වාර්තා වේ.

මුස්ලිම් කාන්තාවන් සහ ගැහැණු දරුවන් මෙම පනත යටතේ විශාල අසාධාරණකම්වලට ලක්වෙමින් සිටින බව මුසිල්ම් කාන්තාවන් පවසයි.

ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ එම වාර්තාවේ අඩංගු කරුණු මහජනතාවට දන්වන ලෙසයි. එසේම වාර්තාවේ නිර්දේශ පිලිබඳ එම නීතිය බලපානු ලබන කාන්තාවන් සමඟ සංවාදයක් ගොඩනගන ලෙස මුස්ලිම් කාන්තා ක්‍රියාකාරිනියන් ඉල්ලා සිටියි.

muslim2

muslim women

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න