'රනිල්ගේ ආශීර්වාදයෙන් සජිත් ජනපති කරනවා' - මංගල (VIDEO)

'රනිල්ගේ ආශීර්වාදයෙන් සජිත් ජනපති කරනවා' - මංගල (VIDEO)

ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස ඉදිරිපත්කල යුතු බව තම අදහස යැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.

මෙම අදහසට මූලික කරුණු දෙකක් බලපාන බවත්, එක - මෙවර ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයේ ම අයකු ඉදිරිපත් කලයුතු බවත්, දෙක- ඒ අපේක්ෂකයාට ජයග්‍රහණය කිරීමේ හැකියාව තිබිය යුතු බවත් මෙහිදී අවධාරණය කර සිටියි.

ඒ අනුව පක්ෂය තුල ඒ හැකියාව තියෙන, ජනප්‍රියම පුද්ගලයා ලෙස තහවුරු වී ඇති සජිත් ප්‍රේමදාස, එක්සත් ජාතික පක්ෂ රනිල් වික්‍රමසිංහ නායකතුමා ඇතුළු සියලු දෙනාගේ ආශිර්වාදයෙන් ඉදිරිපත් කළ යුතු බවට තමන් යෝජනා කරන බව මංගල සමරවීර අමාත්‍යරවරයා මෙහිදී පවසයි.

ඇමති මංගල සමරවීර එම කාරණය සඳහන් කර ඇත්තේ මාධ්‍යවේදී විමල් කැටිපේආරච්චි සමඟ comrade.lk වෙබ් අඩවිය සඳහා පැවති සම්මුඛ සාකච්ජාවකදීය.

සම්පූර්ණ වීඩියෝව comrade.lk වෙබ් අඩවිය තුළින් නැරඹිය හැක.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න