නාරහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අනිවාර්ය නිවාඩු යවා සිටි පොලිස්පති පූජිත් ජයසුන්දර අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (02) මීට ටික වේලාවකට පෙර පොලිස්පති පූජිත් ජයසුන්දරව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේය.
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණයට අදාළව පොලිස්පති පුජිත් ජයසුන්දර ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අද පෙනී සිටින ලෙස දැනුම්දී තිබුණි.
කෙසේවෙතත් හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඒ මහතා අද පෙරවරුවේ නාරාහේන්පිට පොලිස් රෝහලට ඇතුළත් කෙරුණි.
එහි ප්‍රතිකාර ලබමින් සිටියදී පොලිස්පති පූජිත් ජයසුන්දර අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසීය.
මේ අතර කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබිණ.

