ඉදිරි සති තුන තුළ එජාපයෙන් සුභාරංචියක් !

ඉදිරි සති තුන තුළ එජාපයෙන් සුභාරංචියක් !

එක්සත් ජාතික පෙරමුණෙන් ඉදිරි මැතිවරණයට නව මුහුණක් ඉදිරිපත් කරන බවත්, ඒ සම්බන්ධව ඉදිරි සති තුනෙදී රටට සුභ ආරංචියක් ලැබීමට නියමිත බවත් ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය මනෝ ගනේෂන් පැවසීය.

අම් මේ බව පවසා සිටියේ රාජ්‍ය භාෂා සතියට සමගාමීව බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ ඊයේ (04) පැවැති ජාතික භාෂා යොවුන් දිනය සැමරීමේ අවස්ථාවට එක්වෙමිනි.

ඉදිරියේදී නව දර්ශනයක් සහිත අලුත් ආණ්ඩුවක් පත් කරගන්නා බවත්, පසුගිය ආණ්ඩුවල සිටි රජවරුන්ට, රාජකුමාරයන්ට හා රැජිනියන්ට ඉදිරියට ඒමට ඉඩක් නොමැති බවත් ඇමතිවරයා සඳහන් කළේය.

එසේම සිංහල භාෂාව හා බෞද්ධ ආගම ගැන සිංහල ජාතිකයන්ට කැක්කුමක් තිබිය යුතු බවත්, තමුන්ගේ මව් අමාත්‍යවරයා ව, තමුන්ගේ ආගම, ඉතිහාසය අමතක කරන පුද්ගලයන්ට අනෙකුත් ජාතීන්ගේ ආගම, භාෂාව ගැන අවබෝධයක් ලබාගත නොහැකි බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මනෝ ගනේෂන් අමාත්‍යවරයා මෙසේද පැවසීය,

"ශ්‍රී ලංකාව සාමකාමී සුන්දර රටක් හැටියට අපි අදියරෙන් අදියරට පරිවර්තනය කරමින් යනවා. එක එක්කෙනා අපේ පිටුපස්සෙන් ඇද්දත් කමක් නෑ. අඩියක් අදිනකොට අපි පයින් ගහලා තව අඩි දෙන තුනක් ඉස්සරහට යනවා. ඇතැම් අය උතුරේ හෝ දකුණේ රට කඩන්න ගන්නා උත්සාහයේදී අපි සැලෙන්නේ නැතිව රට හදනවා. අපි දාලා දුවන්නේ නෑ. කවුරුවත් හිතන්න එපා දාලා දුවනවා කියලා. රිවස් ගියර් එක දාගෙන මේ රට ආපස්සට ගෙනියන්න කාටවත් ඉඩදෙන්නේ නෑ.

අපේ මේ සහජීවන ආණ්ඩුවට මිනිස්සු බනින්න, දොස් කියන්න, අඩුපාඩු පෙන්වන්න පුළුවන්. නමුත් පසුගිය ආණ්ඩුවට වඩා රට තුළ නිදහස තිබෙනවා. අපි සංවාද කරනවා විතරයි. දැන් රට තුළ, ආණ්ඩුව තුළ අඩුපාඩු තිබෙනවා තමයි. ඒ අඩුපාඩු හදාගෙන අපේ ආණ්ඩුව තුළම ඉඳගෙන අලුත් ආණ්ඩුවක් නිර්මාණය කරනවා. කවුරුවත් පිටින් ආණ්ඩු කරන්න එන්නේ නෑ. අලුත් මූණක් දාලා, අලුත් ඇමති මණ්ඩලයක් දාලා, අලුත් දර්ශනයක් දාලා අලුත් ආණ්ඩුවක් හදනවා" යනුවෙන් පවසා සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න