ඇමරිකානු හමුදාව ලංකාවේ කඳවුරු බඳින කතා බොරු - රාජ්‍ය අමාත්‍ය රුවන්

ඇමරිකානු හමුදාව ලංකාවේ කඳවුරු බඳින කතා බොරු - රාජ්‍ය අමාත්‍ය රුවන්

ඇමරිකානු හමුදාවන්ට රටතුළට ඇතුළුවීමට හෝ කඳවුරු බැඳීමට හෝ ඉඩ නොතබන බව ජනමාධ්‍ය අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන පැවැසීය.

ඇමරිකාව සමඟ හෝ වෙනත් කිසිදූ රටක් සමඟ හෝ රටට අහිතකර ගිවිසුම්වලට එළඹීමට රජය කටයුතු නොකරන බවද රුවන් විජයවර්ධන අමාත්‍යවරයා කීය.

ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා එසේ කීවේ කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (04) විශේෂ ප්‍රකාශයක් කරමිනි.

රුවන් විජයවර්ධන අමාත්‍යවරයාගේ එම විශේෂ ප්‍රකාශයේදී මෙසේද සදහන් කර තිබේ.

"ඒකාබද්ධ විපක්ෂයත් යම්කිසි පිරිසකුත් රජයට අලුත් චෝදනාවක් ඉදිරිපත් කරනවා.ආණ්ඩුව ඇමරිකාව සමඟ හොර ගිවිසුමකට එළඹී තිබෙන බවත් ඔවුන් කියනවා.

ආණ්ඩුව එවැනි හොර ගිවිසුමකට එළැඹී නැහැ.ඉදිරියේදී රටට අහිතකර ගිවිසුම්වලට එකඟවන්නෙත් නැහැ. ඒකාබද්ධ විපක්ෂයේ චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරනවා.

අපේ ආණ්ඩුව මේ වගේ ගිවිසුම් වලට අත්සන් කරන්න සූදානම් නැහැ.කිසිසේත් ඇමරිකානු හමුදාවට රටට ඇතුළුවීමට හෝ කඳවුරු බැඳීමට ඉඩ තබන්නේ නැහැ.

ආරක්ෂක ගිවිසුමක් අත්සන් කරනවානම් එවැන්නක් කරන්නේ ජනාධිපතිතුමාගේ උපදෙස් මත ආරක්ෂක ලේකම්වරයා විසින් කෙසේ වෙතත් මා නැවත සඳහන් කරන්නේ එවැනි කිසිඳු ගිවිසුමකට අපි අත්සන් කරන්නේ නැහැ."

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න