ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ වහා අත්අඩංගුවට ගත යුතු බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් සඳහන් කරයි.
ඇවන්ගාඩ් මුහුදු ආරක්ෂක සමාගමේ සභාපතිවරයා ඇතුළු සෙසු නිලධාරීන් අත්අඩංගුවට ගන්නා සේම එම සමාගමට බලය ලබා දුන් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගතයුතු බවද මන්ත‍්‍රීවරයා පැවසීය.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.
ඇවන්ගාඩ් සමාගමට අදාළ ගිවිසුම අත්සන් කිරීමටත්, ජනතාවගේ මුදල් අවභාවිතා කිරීමට අවශ්‍ය පරිසරය හදා දුන්නේ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාව හිදිමින් බවද ඔහු කියා සිටියේය.
එසේ නොමැතිව සමාගමේ සභාපතිවරයා සහ ඉහළ නිලධාරීන් අත්අඩංගුවට ගෙන මෙම ප්‍රශ්නය විසඳෙන්නේ නැති බවද ඔහු පැවසීය.
දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ ජනාධිපති සිරිසේන මෙන්ම නීතිපති දප්පුල ලිවේරා වෙත මේ ප්‍රකාශය හරහා දැඩි අභියෝගයක් එල්ල කර ඇති බවය.
ඒ ගෝඨාභය සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට ඔවුන් දක්වන දැඩි බයපාක්ෂිකත්වය බවත් ඒ හැර ප්‍රජාතන්ත්‍රවාදී බලවේග සමග ඕනෑම ගැටුමක් ඇති කර ගැනීමට ඔවුන් බියක් නොදක්වන නිසා බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

