තමන්ට දැන් සුව බවත් එබැවින් නඩු කටයුතුවලට මුහුණදීම සදහා ඉක්මනින් ශ්‍රී ලංකාවට එන බව ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ පැවසූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.
හෘද සැත්කමක් සදහා මුහුණදී ගෝඨාභය රාජපක්ෂ මේ වන තුරු සිංගප්පූරුවේ සිටින අතර ඔහුගේ සුවදුක් බැලීමට ගොස් ආපසු පැමිණි අවස්ථාවේ මන්ත්‍රීවරයා මේ බව සදහන් කර ඇත.
එහිදී මාධ්‍ය වෙත තවදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පවසා ඇත්තේ අදාල සැත්කමින් පසුව ගෝඨාභය රාජපක්ෂ අවුරුදු 20 ක් පමණ ආපස්සට තරුණවී ඇති බවය.
කවුරුත් ඉල්ලන ජනාධිපති අපේක්ෂකත්වය සදහා පමණක් නොව ගෝඨාභය රාජපක්ෂ ඕන දෙයකට සූදානම් බවත් බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා සදහන් කර ඇත.
යෝගා ව්‍යායාම කළ හිටපු හිටපු ආරක්ෂක ලේකම්වරයා තවමත් නිර්භීතයි ජවසම්පන්න යැයි ද මන්ත්‍රීවරයා පවසා ඇති අතර වැඩිදුරටත් මෙසේද සදහන් කර ඇත.
කටකතා හරියට යනවා. මට ඇමෙරිකාවේ පුරවැසිභාවය තිබුණා නම් සිංගප්පූරුවේ රෝහලකට විශාල මුදලක් ගෙවා ප්‍රතිකාර ලබන්නට අවශ්‍ය නැතැයි ඔහු සමඟ කළ කතාවකදී විශේෂයෙන් සඳහන් කළා.

