Language Switcher

V2025

එන්න අහන්නත් එපා - අපි එන්නෙත් නෑ : කැනඩාව සිරිසේනට දන්වයි

ජනාධිපති සිරිසේන කැනඩාවේ සංචාරයක් සදහා කැමතිව ඒ සම්බන්ධව දන්වා ඇතත් කැනඩා රජය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.

තානාපති කාර්‍යාල ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට ජනාධිපති සිරිසේන විසින් රාජතාන්ත්‍රික ආකාරයට මේ ඉල්ලීම සිදුකර ඇති අතර ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම සිදුකර ඇත්තේ ද රාජතාන්ත්‍රික ආකාරයට ය .

වාර්තා වන ආකාරයට එය සිදුවන්නේ කිසියම් රාජ්‍ය නායකයකුට තවත් රටක් සමග සම්බන්ධතා සමීප කරගැනීමට අවශ්‍ය බව දන්වා අදාල අනෙක් රාජ්‍ය නායකත්වය වෙත දන්වා නිල සංචාරයක් සදහා ආරාධනා කරයි.

ඒ සිදුවන්නේ විදේශ අමාත්‍යාංශය සහ තානාපති කාර්‍යාල හරහා වන අතර එහිදී ආරාධනාව ලබන රාජ්‍යයේ නායකයා එය පිළිගැනීම හෝ දින වකවානු සම්බන්ධව ගැටළුවක් ඇත්නම් තම රටේ සංචාරයක් වෙනුවෙන් ආරාධනය සිදුකළ රාජ්‍යයේ නායකයාට ආරාධනා කරයි.

මෙහිදී සිදුව ඇත්තේ ජනාධිපති සිරිසේනගේ ආරාධනය කැනඩා රජය පිළිනොගෙන පෙරළා සංචාරයක් සදහා හෝ සිරිසේන ජනාධිපති වෙත ආරාධනා නොකිරීමය.

සිරිසේනගේ විදෙස් ප්‍රතිපත්තියේ අවුලක් !

මේ සම්බන්ධව අදහස් දක්වමින් තානාපති ආරංචි මාර්ග සදහන් කර සිටියේ ජනාධිපති සිරිසේන මරණ දඩුවම යළි ක්‍රියාත්මක කිරීමට දැක්වූ නොහික්මුණ හැසිරීම සහ විදෙස් රාජතාන්ත්‍රික කටයුතු වලදී දැක්වූ අපරිණත භාවය මීට හේතුවී ඇති බවය.

එසේම යුරෝපා සංගමය තමන්ට බලපෑම් සිදුකරන බව ප්‍රකාශ කිරීම ඇතුළු තවත් හේතු ගණනාවක් නිසාවෙන් මේ සදහා බලපෑමක් කර ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.