ශ්‍රිලනිපය හිස් වෙයි : කිසිම ප්‍රධාන තනතුරක් දෙන්න බෑ - පොහොට්ටුව දන්වයි !

ශ්‍රිලනිපය හිස් වෙයි : කිසිම ප්‍රධාන තනතුරක් දෙන්න බෑ - පොහොට්ටුව දන්වයි !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොහොට්ටුව සන්ධානයක් වෙනුවෙන් සාකච්ඡා පවත්වමින් සිටියත් එම සාකච්ඡා වලදී ශ්‍රිලනිප ය වෙත ජනාධිපතිවරණ අපේක්ෂකත්වය හෝ අග්‍රාමාත්‍ය ධූරය ලබාදීමට පොහොට්ටු පාර්ශවය දැඩි ස්ථාවරයක සිටින බව වාර්තා වෙයි.

මේ හේතුවෙන් දැනටමත් ශ්‍රිලනිප ප්‍රබලයන් රැසක් පක්ෂය අත්හැර දමා වෙනත් දේශපාලන ගමනක් යාමට සූදානමක් ඇති අතර ඒ සදහා දැනටමත් සාකච්ඡා සිදුව ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග මේ ශ්‍රිලනිප ජේෂ්ඨයින් සාකච්ඡා සිදුකර ඇත.

ශ්‍රිලනිපය තුට්ටු දෙකට වැටීම දයාසිරි පිළිගනී !

මේ අතර දෙහිවල ශ‍්‍රීලනිප ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ උත්සවය අමතමින් ශ්‍රිලනිප මහ ලේකම් , පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සදහන් කර සිටියේ ලංකා පොදුජන පෙරමුණට ජනාධිපති, අගමැති හා ප්‍රබල ඇමති ධුර කිහිපයක්ම හිමිවන්නේ නම් ඔවුන් සමග සන්ධානගත වීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට හැකියාවක් නැති බවය.

ජනාධිපති හෝ අගමැති අපේක්‍ෂකත්වය කිසිසේත්ම ශ‍්‍රීලනිපයට නොදෙන බව පොදුජන පෙරමුණ මේ වන විටත් දන්වා ඇති අතර පක්‍ෂ දෙකම එක්ව මැතිවරණ සදහා තරග කරන බවට ශ‍්‍රිලනිපය විසින් කර ප‍්‍රකාශයද ප‍්‍රතික්‍ෂෙප කර ඇත.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න