චතුරිකා, ජනාධිපති තාත්තාගේ විරෝධය නොතකයි : ළමුන්ට 'මයිලෝ' බෙදයි

චතුරිකා, ජනාධිපති තාත්තාගේ විරෝධය නොතකයි : ළමුන්ට 'මයිලෝ' බෙදයි

"මයිලෝ"වල අධි සීනි මාත්‍රාවක් ඇති බැවින් එය සෞඛ්‍යයට දැඩිව අහිතකර බව සළකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැඩි මයිලෝ විරෝධී ප්‍රතිපත්තියක සිටියත් ජනාධිපතිගේ දියණියක වන චතුරිකා සිරිසේන මහත්මිය එම විරෝධය නොතකා කටයුතු කරන බව දැක්වෙන ජායාරූපයක් සමාජ ජාල තුළ සංසරණය වෙමින් පවතී.

එම ජායාරූපයේ දැක්වෙන්නේ චතුරිකා සිරිසේන මහත්මිය මයිලෝ පැකට්ටු කුඩා දරුවන් වෙන බෙදා දෙන ආකාරයයි.

කෙසේ වුවත් ජනාධිපතිවරයා මයිලෝ වැනි පානයන් සමග දැඩි විරෝධී ආකල්පයක පසුවන අතර පසුගිය නොවැම්බර් 11 වනදා දියවැඩියා දිනය වෙනුවෙන් පැවති පාගමනට සහභාගි වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මයිලෝ පානය තිබෙන පැකට්ටුවක් අතට ගෙන පෙන්වමින් ඒ බව ප්‍රසිද්ධියේ තහවුරු කර සිටියේය.

එහිදී ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ ‘මෙරටේ පාසල් දරුවන් අතර බෙහෙවින් ජනප්‍රිය චොකලට් මිශ්‍ර කිරි පානයක් වන මයිලෝ Milo තුල සීනි අධික මට්ටමේ පවතින බවත් ඒ සමාන්‍යයෙන් තිබිය යුතු 5%ක මට්ටමට වඩා බෙහෙවින් වැඩි 16.5% ක පමණ මට්ටමක පවතින බවත්ය.

එසේම අදාළ පානයේ අන්තර්ගත අනෙකුත් ද්‍රව්‍ය සම්බන්ධව ප්‍රදර්ශනය කර තිබුණද එහි අඩංගු සීනි ප්‍රමාණය දක්වා නොමැති බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර සිටියේය.

එසේම සෞඛ්‍ය බලධාරීන් ඒ සම්බන්ධව සොයා නොබැලීම සම්බන්ධවද ජනාධිපතිවරයා එහිදී චෝදනා කර සිටියේය.

ජනාධිපතිවරයාගේ එම මයිලෝ විරෝධය දැක්වෙන අදහස් පළකිරීම ඇතුළත් වීඩියෝවක් :

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න