බැඳුම්කර වාර්තාව ගැන ජනාධිපති කාර්යාලයෙන් කතා දෙකක්

බැඳුම්කර වාර්තාව ගැන ජනාධිපති කාර්යාලයෙන් කතා දෙකක්

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාට බැඳුම්කර කොමිසමේ වාර්තාවේ පිටපතක් ලබාදී ඇති බව ජනාධිපති කාර්යාල පවසයි .

එහෙත් ඊයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් කථානායක කරූ ජයසූරිය මහතා සඳහන් කළේ බැඳුම්කර කොමිසමේ වාර්තාවක් ජනාධිපති කාර්යාලයට, පාර්ලිමේන්තුවට, නීතිපති කාර්යාලයට සහ මහා බැංකුවට පමණක් ලබාදුන් බවට ජනාධිපති කාර්යාලය සහතික කළ බවයි.

එසේම වාර්තාවේ ඇතැම් කොටස් අඩු බවට නැගුණු චෝදනාවටද පිළිතුරු ලබාදෙමින් කථානායකවරයා සඳහන් කළේ එහිදී සම්පූර්ණ වාර්තාව ඉහත පාර්ශව සඳහා කිසිදු වෙනසකින් තොරව ලබාදී ඇති බවයි.

බැඳුම්කර වාර්තාවේ පිටපතක් ලැබුණා - රවී

මහබැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ වාර්තාවේ පිටපතක් තමන්ට ද ලැබුන බව හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි. ජනවාරි 17 දා එම වාර්තාව ජනාධිපති කාර්යාලය වෙතින් තමනට ලැබුණු බව ඒ මහතා වැඩිදුරත් පැවසිය.

බැඳුම්කර වාර්තාවේ පිටපතක් තමාවෙත ලබාදෙන්නැයි ඒ තොරතුරු දැනගැනීමේ පනත යටතේ රවී කරුණානායක මහතා ජනාධිපති ලේකම්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබුණි .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න