ජවිපෙ 'ඇරඹුම' ට නිර්මාල්ගේ සහය

ජවිපෙ 'ඇරඹුම' ට නිර්මාල්ගේ සහය

2018 පළාත්පාලන මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරයට සහාය පළ කිරීමේ අරමුණින් 'ඇරඹුම' නම් සංවිධානය ආරම්භ කළ බව ඊයේ(23) කොටුව දුම්රිය පොළ අසළ පැවති එම සංවිධානයේ අත් පත්‍රිකා බෙදාහැරීමේදී නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසා තිබේ.

 දූෂණයෙන් තොර ගමක් - දරුවන්ට හෙටක් යන තේමාව යටතේ මෙම අත්පත්‍රික බෙදාහැරීම සිදුවිය.

 පසුගිය දිනවලදී ‘ඇරඹුම’ සංවිධානය විසින් රට පුරා දිස්ත‍්‍රික්ක මට්ටමින් සම්මන්ත‍්‍රණ මාලාවක් සංවිධානය කර තිබිණි.

 මෙම අවස්ථාවට මහාචාර්ය චන්දන අබේරත්න මහතා, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා, වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා, සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථකාචාර්ය අසේල රංගදේව මහතා ඇතුළු විද්වතුන්, වෘත්තිකයින් සහ කලාකරුවන් පිරිසක් සහභාගි වී සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න