හම්බන්තොට පොලිසිය පෙ.ස.ප. සාමාජිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගනී

හම්බන්තොට පොලිසිය පෙ.ස.ප. සාමාජිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගනී

හම්බන්තොට පරිපාලන සංකීර්ණය අසළ අත් පත්‍රිකා බෙදූ බවට චෝදනා කරමින් පෙරටුගාමී සමාජවාදි පක්ෂ ක්‍රියාකාරිකයන් දෙදෙනකුව අද දින (24) හම්බන්තොට පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

රාජ්‍ය විරෝධි පත්‍රිකා බෙදාහරින බවට පොලිසිය විසින් චෝදනා කරමින් මෙසේ අත්අඩංගුවට ගෙන අැත්තේ රංජිත් සහ විමලරත්න නැමති දෙදෙනෙකි.

පසුව අනාවරණය වී අැත්තේ හම්බන්තොට ප්‍රාදේශීය ලෙකම්වරයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම පත්‍රිකා බෙදන්නන් අත්අඩංගුවට ගෙන ඇති බවයි. අත්අඩංගුවට ගැනීමට හේතුව විමසන අවස්ථාවේ පොලිසිය පවසා අැත්තේ දේශපාලන පක්ෂවලට, නායකයන්ට හා අාණ්ඩුවට ඒරෙහිව ප්‍රකාශයන් රාජ්‍ය විරෝධී බවය.

එය අත්අඩංගුවට ගැනීමට හේතුවක් නොවන බව පේනවා දෙන පෙරටුගාමී සමාජවාදී පක්ෂය එවැනි හේතු මත පුද්ගලයන් අත්අඩංගුවට ගන්නේ නම් ජනමාධ්‍ය අායතන සියල්ල වසා ඒ්වායේ පුද්ගලයන්ද සෙසු දේශපාලන පක්ෂවල සියලු මහජන නියෝජිතයන් හා ප්‍රකාශකයන්ද අාණ්ඩුව විවේචනය කිරීමේ පදනම මත අත්අඩංගුවට ගැනීමට සිදුවෙන බව පෙන්වා දෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න