වතුර ඉල්ලු වැසියන්ට වෙඩි තැබූ - රතුපස්වල ඝාතන නඩුවට : ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉල්ලයි !

වතුර ඉල්ලු වැසියන්ට වෙඩි තැබූ - රතුපස්වල ඝාතන නඩුවට : ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉල්ලයි !

පිරිසිදු පානීය ජලය ලබාගැනීම වෙනුවෙන් රතුපස්වලදී විරෝධයේ යෙදුණ ජනතාවට වෙඩි තැබීමේ නඩුව විභාග කිරීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයක් පත්කරන ලෙස නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

මෙය මහජන කැළඹීමකට හේතුවන සිදුවීමක් බවත් එම සිදුවීමේ සුවිශේෂත්වය සැලකිල්ලට ගෙන විශේෂ මහාධිකරණයක් පත්කරන ලෙස නීතිපතිවරයා වැඩිදුරටත් අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා තිබේ.

2013 වර්ෂයේ අගෝස්තු 01වැනිදා වැලිවේරිය නගරයේ සිදුකළ වැඩි තැබීම් හා පහරදීමේ චෝදනා මත මේ වන විට බ්‍රිගේඩියර් අරුණ දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු සැකකාර යුද හමුදා සාමාජිකයන් සිව්දෙනෙකු ඇප මත නිදහස්ව සිටියි.

රාජපක්ෂ පාලන සමයේ ජනතා උද්ඝෝෂණයක් ජීව උණ්ඩ සහ සන්නද්ධ රථ ඇතුළත් හමුදා ඛණ්ඩයක් යෙදවීම සහ පාසල් වියේ දරුවන් පවා ඝාතනය කිරීමට නියෝග නිකුත් කිරීම සම්බන්ධව එවකට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වූ ගෝඨාභය රාජපක්ෂටද චෝදනා එල්ල විය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න