මාධ්‍යවේදී කීත් නොයාර් ඝාතන තැතටත් : ලලිත් රාජපක්ෂ හවුල් ?

මාධ්‍යවේදී කීත් නොයාර් ඝාතන තැතටත් : ලලිත් රාජපක්ෂ හවුල් ?

මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්ට පහරදීමේ සිද්ධියේ සැකකරුවෙකු ලෙස නම්කර සිටින යුධ හමුදා බුද්ධි ආංශ සාමාජිකයෙකු වන ලලත් රාජපක්ෂ නැමැත්තා, මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියේද සැකකරුවෙකු ලෙස නම් කරන්නැයි නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇතැයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී නීතීඥ නිෂාරා ජයරත්න සඳහන් කරයි.

මේ සම්බන්ධ ලිඛිත උපදෙස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදී ඇති බවත් නීතිපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇත්තේ දැනට සිදුකර ඇති විමර්ශනවලින්, මාධ්‍යවේදී කීත් නොයාර් ඝාතන උත්සාහයට ලලිත් රාජපක්ෂ නැමැත්තා සම්බන්ධවී ඇති බවට ප්‍රමාණවත් සාක්ෂි ලැබී තීබීම හේතුවෙන් බවත් ඇය සඳහන් කර තිබේ.

මාධ්‍යවේදී කීත් නොයාර් ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධිය විභාගයට ගැනෙන ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ලලිත් රජපක්ෂ නැමැත්තා සැකකරුවෙකු ලෙස නම්කිරීමට පියවර ගන්නා ‌ලෙස නීතිපතිවරයා වැඩිදුරටත් දන්වා ඇත.

මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්ට මහමග පහරදීම සහ මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට උත්සාහ දැරුණේ රාජපක්ෂ පාලන සමයේදීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න