ඩඩ්ලි මට මරණ තර්ජන එල්ල කරනවා - රොෂාන්

ඩඩ්ලි මට මරණ තර්ජන එල්ල කරනවා - රොෂාන්

ජනාධිපති සිරිසේනගේ සහෝදරයෙකු වන කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන විසින් තමාට මරණ තර්ජන එල්ල කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ පවසයි.

ඊයේ (09) විද්‍යුත් නාලිකාවක දේශපාලන විවාදයක් අවස්ථාවේ මන්ත්‍රීවරයා මේ බව සඳහන් කල අතර තමන්ට සිදුකළ මරණ තර්ජනය පිළිබඳ පැමිණිලි කිරීමට අවශ්‍ය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත් කොට ඇති නමුත් මෙතෙක් ඒ සම්බන්ධව පැමිණිලි කිරීමට හෝ අවස්ථාවක් හිමිව නැති බවත් පැවසීය.

මීට පෙර ජනාධිපති සොයුරන් මෙසේ හැසිරී නොමැති බවත් මේ වන විට ඔවුන් බලයෙන් මත්ව ඇති බවත් මන්ත්‍රීවරයා පැවසීය.

ජනාධිපති පොලිසිය භාර ඇමතිව සිටියදී ඔහුගේ සහෝදරයා මරණ තර්ජන එල්ල කරන පසුබිමක තමන්ට දේශපාලනය කිරීමට සිදුව ඇති බවත් එය ඉතා සෝචනීය තත්ත්වයක් බවත් ඔහු සඳහන් කළේය.

කතානායකට කියමු : නීතිය හමුවට යමු !

ඊට ප්‍රතිචාර දක්වමින් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියේ මේ සම්බන්ධව පාර්ලිමේන්තුව හරහා වහාම පියවර ගැනීමට කටයුතු කල යුතු බවය.

මන්ත්‍රීවරයෙකුට මරණ තර්ජන එල්ලවී ඒ සම්බන්ධව ආරක්ෂක අංශ නිසිලෙස ක්‍රියා නොකරන්නේ නම් කතානායකවරයා වෙත පැමිණිලි කර ඊට මැදිහත්වීමක් ලබාගත හැකි බවත්, මන්ත්‍රී වරප්‍රසාද ඇතුළු ඊට ගැනීමට නෛතික ක්‍රමවේද හරහා පක්ෂ භේදයකින් තොරව සහය දැක්වීමට තම පාර්ශවය සූදානම් බවත් ඔහු පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න