සන්ධාන මන්ත්‍රී හමුවේදී : රතන හිමිට එළියට වඩින්නම විවේචන !

සන්ධාන මන්ත්‍රී හමුවේදී : රතන හිමිට එළියට වඩින්නම විවේචන !

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකුගේ දැඩි විවේචනයක් හේතුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් ඉවත්ව යාමට පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි ට සිදුව ඇතැයි වාර්තා වෙයි.

මෙම මන්ත්‍රී හමුව ඊයේ (09) පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 02දී පවත්වා ඇත්තේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙනි.

වාර්තා වන ආකාරයට එම රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිව තිබේ.

ඒ රතන හිමි විසින් සිදුකරන ලද මාරාන්තික උපවාස නිසා රිෂාඩ් බදුර්දීන්ට ඇමතිවරයාට එරෙහිව ගෙනවිත් තිබූ විශ්වාසය යටපත්කිරීමට හැකිවූ බව අලූත්ගමගේ මන්ත්‍රීවරයා පෙන්වාදීමත් සමගය.

එම උපවාසය නිසා ආණ්ඩුව විශ්වාසභංගය මගහැර ගිය බවද බදියුදීන් ඇමති ධුරයෙන් ඉල්ලා අස් වූ බවත් ඔහු චෝදනා කර තිබේ.

නමුත් එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් රතන හිමි පෙන්වා දී ඇත්තේ ඒ මොහොතේ පැවති තත්වය අනුව සිදුකළ යුතු සුදුසුම ක්‍රියාව තමන් විසින් කළ බවයි.

එම අවස්ථාවට සහභාගි වූ සන්ධානයේ තවත් මන්ත්‍රීවරුන් පිරිසක්ද උපවාසයට විරුද්ධව අදහස් දක්වා තිබේ.

විවාදය දිගින් දිගටම පැවති නිසා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැදිහත්වී එය නවතා දමා ඇත.

ඒ සමගම රතන හිමියන් රැස්වීම් ශාලාවෙන් පිටතට වැඩම කර ඇති අතර විපක්‍ෂ නායකයරවයාගේ ඉල්ලීමද නොතකමික් හිමියන් රැස්වීමෙන් පිටත්ව ගොස් තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න