දයාසිරි දමනය වෙයි

දයාසිරි දමනය වෙයි

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීම සදහා තමන් සහභාගී වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.

පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව අද (10) දිනයේ යළි රැස් වන අතර දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ඊට සහභාගී වීමට නියමිතව තිබේ.

මීට පෙර දිනයකදීද දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාව මේ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවට කැඳවා තිබූ නමුත් ඔහු ඊට සහභාගීවූයේ නැත.

ඒ සම්බන්ධව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පවසා සිටියේ තමන් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවට නොයන බවය.

දයාසිරි මන්ත්‍රීවරයාගේ මේ ප්‍රකාශය සම්බන්ධව ප්‍රතිචාර දක්වමින් තේරීම් කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි සඳහන් කළේ ඕනෑම අයෙකු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව කැඳවීමක් සිදුකළහොත් ඊට පැමිණිය යුතු බවයි. එසේ ලද දැනුම්දීමක් අනුව කටයුතු නොකළහොත් ඊට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට හැකි බවත් ඔහු පවසා තිබිණ.

එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වුවත් වෙනසක් නොමැති බවත් නියෝජ්‍ය කතානායකවරයා අවධාරණය කර සිටියේය.

එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නොව කවුරු තේරීම් කාරක සභාවට කැඳවූ විට නොපැමිණියහොත් ඊට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සභාව තීරණය කර ඇති බවත් ඔහු පැවසීය.

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න