යුරෝපා සංගමයේ ප්‍රතිත්‍රස්ත කටයුතු ප්‍රධානියකු එයි !

යුරෝපා සංගමයේ ප්‍රතිත්‍රස්ත කටයුතු ප්‍රධානියකු එයි !

යුරෝපා සංගමයේ ප්‍රති-ත්‍රස්ත කටයුතු සම්බන්ධීකාරක Gilles de Kerchove අද (11) දින සිට ජූලි 16 දින දක්වා ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ සංචාරකය නිරත වේ.

මෙම රටවල් දෙකෙහි ආරක්ෂාව තරකිරීමේ උත්සාහයන්ට සහ අත්දැකීම් හුවමාරු කරගැනීම සඳහා වඩාත් සුදුසු පසුබිමක් නිර්මාණය කරගැනීමේ උත්සාහයන්ට අත්වැලක් වීම මෙම සංචාරයේ අරමුණ බවත් ශ්‍රී ලංකාව තුළ දී Gilles de Kerchove විසින් රජයේ, විපක්ෂයේ සහ ආරක්ෂක අංශවල ප්‍රධාන පෙළේ නියෝජිතයන් සහ සිවිල් සමාජයේ නියෝජිතයන් හමුවනු ඇති බවත් වාර්තා වෙයි.

මාලදිවයිනේ දී ඔහු අමාත්‍යාංශ මට්ටමින් සාකච්ඡා කිහිපයක් පවත්වනු ඇති අතර, ආරක්ෂක අංශවල නිලධාරීන් සමඟ ද සාකච්ඡා පැවැත්වීමට නියමිත බවත් දැනගන්නට ඇත.

Gilles de Kerchove 2007 වසරේ සිට යුරෝපා සංගමයේ ප්‍රති-ත්‍රස්ත කටයුතු සම්බන්ධීකාරකවරයා ලෙස කටයුතු කරයි. ලෝවන් හි කතෝලික විශ්ව විද්‍යාලය, බ්‍රසල් හි නිදහස් විශ්ව විද්‍යාලය සහ බ්‍රසල්ස් හි ශාන්ත ලුවිස් විශ්ව විද්‍යාලය යන විශ්ව විද්‍යාලවල යුරෝපා නීතිය ඉගැන්වීමෙහි නියුතු Gilles de Kerchove යුරෝපා නීතිය, මානව හිමිකම්, ආරක්ෂාව සහ ප්‍රති-ත්‍රස්ත කටයුතු සම්බන්ධයෙන් ලිපි සහ ග්‍රන්ථ කිහිපයක්ම ප්‍රකාශනයට පත් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න