ආණ්ඩුවේ සියළු මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තුවේ රැඳීසිටින්න : අගමැති දන්වයි !

ආණ්ඩුවේ සියළු මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තුවේ රැඳීසිටින්න : අගමැති දන්වයි !

එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව නියෝජනය කරන සියළු මන්ත්‍රීවරුන් අද (11) දිනයේ පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වන ලෙස අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රසිංහ විසින් විශේෂ දැනුම් දීමක් සිදුකර ඇති බව වාර්තා වෙයි.

පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධව ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට අදාල ජන්ද විමසීම අද පස්වරුවේ සිදුකිරිමට නියමිත අතර අද පස්වරුවේ එක්සත් ජාතික පක්ෂයේ සියලූ මන්තී‍්‍රවරුන් පාර්ලිමේන්තුවේ සිටිය යුතු බවට අග‍්‍රාමාත්‍යවරයා දැනුම් දී ඇත්තේ ඒ අනූවය.

මෙම විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කරන බවට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වනවිටත් ප‍්‍රකාශ කර තිබේ.

කෙසේවෙතත්, දෙමළ ජාතික සන්ධානය සහ මුස්ලිම් මන්තී‍්‍රවරුන් මෙතෙක් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති අතර අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙන සාකච්ඡාවලදී ඒ සම්බන්ධයෙන් එම පාර්ශවය අවසන් තීරණය ගනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න