පාස්කු තේරීම් කාරක සභාව : හෙට (12) අතිවිශේෂයි - හේතුව මෙන්න !

පාස්කු තේරීම් කාරක සභාව : හෙට (12) අතිවිශේෂයි - හේතුව මෙන්න !

පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ තීරණාත්මක එළැඹුමක් හෙට (12) සිදුවීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

අතිශය තීරණාත්මක කරුණු ප්‍රමාණයක් ආවරණය කර ගැනීමේ අපේක්ෂාව ඇතිව වගකිවයුතු පාර්ශව කිහිපයක් හෙට දිනයේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවට කැඳවා තිබීම ඊට හේතුවී ඇති බවත් එම ආරංචි මාර්ග සදහන් කරයි.

එබැවින් හෙට දිනයේ තේරීම් කාරක සභාවේ කටයුතු මාධ්‍ය වෙත පවා සජීවීව වාර්තා කිරීම අත්හිටුවීමේ තත්ත්වයක් ඇති බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.

එහෙත් මේ පාර්ශවයන්ගේ සාක්ෂි ඇතුලත් හඬ පට මාධ්‍ය වෙත ලබාදීමට තේරීම් කමිටුව කටයුතු කරනු ඇති බවත් එම ආරංචි මාර්ග පවසයි.

නිලන්ත ජයවර්ධන : තේරීම් කාරක සභාවේ !

මීට ආසන්න පුවතක් පළකර ඇති නෙත් නිව්ස් වෙබ් අඩවිය සදහන් කර ඇත්තේ හෙට දිනයේ රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, එහි අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර, පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙඨෂ් පොලිස් අධිකාරී වරුණ ජයසුන්දර, සහ එම කොට්ඨාශයේ පොලිස් පරීක්ෂකවරයෙකු වන තරංග පතිරණ යන පාර්ශව තේරීම් කාරක සභාවට කැඳවීමට නියමිත බවය.

සිරිසේනගේ විරෝධය !

කෙසේ වුවත් මීට පෙර පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව අග්‍රාමාත්‍යවරයා නිර්මාණය කළ නාට්‍යයක් බව ජනාධිපති සිරිසේන පවසා තිබිණ.

එසේම කිසිදු බුද්ධි අංශ ප්‍රධානියකු හෝ ආරක්ෂක අංශ ප්‍රධානියකුට ඊට සහභාගී වීමට අවස්ථාව නොදෙන බවත් සිරිසේන ජනාධිපති පවසා සිටියේය.

එහෙත් ජනාධිපති සිරිසේනගේ ඒ ප්‍රකාශයෙන් පසුව හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක තේරීම් කාරක සභාවට කැඳවූ අතර පසුගිය සමයේ ඊට සහභාගී නොවන බව කියමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ද ඊයේ ( 10) ඊට සහභාගී ව සිටියේය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න