ඇවර්න්ගාඩ් නඩුව කල් යයි !

ඇවර්න්ගාඩ් නඩුව කල් යයි !

පාවෙන අවි ගබඩාවක් පපවත්වාගෙන යාමට අවසර දෙමින්ර ජයට පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු වන ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුව කල් තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

නඩුව විභාග කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර ඇති බැවින් නඩු විභාගය සැප්තැම්බර් මස 20 වනදා දක්වා කල්තැබීමට ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියම කළ බවත් වාර්තා වෙයි.

නඩුවේ පළමුවන විත්තිකරු ලෙස නම් කර සිටින හ ගෝඨාභය රාජපක්ෂ අද (11) අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයා සිංගප්පූරුවේදී හෘද සැත්කමකට භාජනය වී වැඩිදුර ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

නඩුවේ තවත් විත්තිකරුවෙකු ලෙස නම් කර සිටින ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ද අද දින අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර තම සේවාදායකයා විදේශ ගතව වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බව ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

යම් විත්තිකරුවෙකුට විදේශගතව වෛද්‍ය ප්‍රතිකාර ලැබීමට තිබෙන ඉඩකඩ අධිකරණය පිළිගන්නා නමුත් ඔවුන් මීළඟ නඩු දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටීම අවශ්‍ය බව මෙහිදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ඊට ප්‍රතිචාර දක්වමින් විවෘත අධිකරණයේ ප්‍රකාශ කර ඇත.

එමෙන්ම මෙම නඩුවේ තවත් විත්තිකරුවන් දෙදෙනෙකු වන පාලිත ප්‍රනාන්දු සහ බී.එගොඩවෙල යන විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල්වරුන් වෙනත් නඩුවකට අදාළව රිමාන්ඩ් භාරයට පත්කර ඇති බැවින් ඔවුන් දෙදෙනා ද අද දින අධිකරණ හමුවේ පෙනී සිටියේ නැත.

ඉකුත් 2010 වසරේ සිට 2014 වසර දක්වා වූ කාලසීමාව තුළ ගාලු වරාය ආසන්නයේ සමුද්‍ර තීරයේ ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුව ගොනු කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න