පොහොට්ටුව බෑම කිව්වොත් - වෙන අතක් : ශ්‍රිලනිපය හිත හදාගෙන !

පොහොට්ටුව බෑම කිව්වොත් - වෙන අතක් : ශ්‍රිලනිපය හිත හදාගෙන !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ පවත්වන සාකච්ඡා අසාර්ථක වුවහොත් වෙනත් නව සන්ධානයක් ගොඩනැගීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද අමරවීර පැවසීය.

එම සාකච්ඡා අසාර්ථක වුවහොත් තම පක්‍ෂයේ මන්ත‍්‍රීවරු එජාපයට හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වන්නේ නැතැයි ද සඳහන් කළේය.

ඒ අනුව පොදුජන පෙරමුණ සමඟ මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ, පාඨලී චම්පික රණවකගේ පාර්ශවය ආදිය සමඟත් ඉදිරියේ දී සාකච්ඡා කරන බව කී මහලේකම්වරයා විජේදාස රාජපක්‍ෂ සමඟත් මේ ගැන අදහස් හුවමාරු කරගෙන ඇතැයිද කීවේය.

කෙසේ වෙතත් තම පක්‍ෂය මෙතෙක් ජනාධිපති අපේක්‍ෂකයෙක් නම් නොකර සිටින්නේ දෙපාර්ශවය අතර සාකච්ඡා සාර්ථක කරගෙන දෙපාර්ශවයෙන්ම එක් අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කිරීමේ අරමුණක සිටින නිසා බව ද මහින්ද අමරවීර මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පළමු හෝ දෙවැනි වරට පාර්ලිමේන්තු ආ ඇතැම් මන්ත‍්‍රීවරු ශ්‍රීලනිපයේ වගකීම ඔවුන්ගේ අපේක්‍ෂකයාට සහයදීම බව කියා ඇතැයි කී අමරවීර මන්ත්‍රීවරයා තම පක්‍ෂයේ වගකීම කුමක්දැයි ඔවුන් කියා දිය යුතු නැතැයිද කීවේය.

තම පක්‍ෂය කළ යුත්තේ කුමක්ද යන්න තීරණය කරන්නේ රටේ අවශ්‍යතාවය අනුව බව කී මහලේකම්වරයා මහින්ද රාජපක්‍ෂ ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයින් මෙම සාකච්ඡා පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරන නිසා තවදුරටත් එම සාකච්ඡා ඉදිරියට ගෙන යන බව ප‍්‍රකාශ කළේය.

මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (11) පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාධ්‍ය හමුවක් අමතමිනි.

ඔවුන් සමඟ එකඟතාවකට පත්වීමකට නොහැකි වුවහොත් නිදහස් පක්‍ෂය වසා දැමීමට හෝ එහි අනන්‍යතාවය අහිමි කරගැනීමට නොහැකි බවද හෙතෙම පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න