හිරුණිකා ජනාධිපතිව අලුතින් බෞතීස්ම කරයි !

හිරුණිකා ජනාධිපතිව අලුතින් බෞතීස්ම කරයි !

තමන් ජනපති යැයි පාර්ලිමේන්තු කථාවේ සිදුකළත් හැන්සාඩ් වාර්තාවෙන් එය ඉවත් කරන හෙයින් තම කථාවේදී ජනපති වෙනුවට 'වෙන්ඩ මැන්ඩෙලා' යනුවෙන් පවසමින් තම කථාව සිදුකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඊයේ (11) පාර්ලිමේන්තුවේදී සඳහන් කළාය.

එසේම ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ආ විශ්වාසභංග නිවැරදි දෙයක් නමුත් එයට අගමැති, කැබිනට් මණ්ඩලය පමණක් නොව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද ඇතුළත් විය බවත් ඇය ප්‍රකාශ කළාය.

එසේම ජනපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන්නේ නම් එයට අවශ්‍ය අත්සන් 75 තමන් මන්ත්‍රීවරුන්ගෙන් ලබාගැනීමට කටයුතු කරන බවත් මන්ත්‍රීවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

"ජනපතිවරයා කිසියම් තැනක ප්‍රකාශ කර තිබෙනවා මහින්ද රාජපක්ෂ මහතා තමන්ට ජනපති අපේක්ෂකම දෙනවා කියලා. එහෙම දුන්නොත් පොහොට්ටුවටත් අබ සරණයි. අවුරුදු හතරක් පසුපස්සට යන්න පුළුවන්නම් මම ගත්ත තීරණය ආපසු හරවනවා. එස්.බී. දිසානායක මහතා මම දිහා ඔරවාගෙන බලාගෙන ඉන්නවා. වෙන්ඩ මැන්ඩෙලා දැන් නිවෙන දැල්වෙන පහනක් වගේ. ඉදිරියේදී ෆියුස් එක යනවා"

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න