වීරවංශට කළ අභියෝගයම : රිෂාඩ්ගෙන් එස්.බී ටත් එල්ල වෙයි !

වීරවංශට කළ අභියෝගයම : රිෂාඩ්ගෙන් එස්.බී ටත් එල්ල වෙයි !

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදීන් මහතා අතර උණුසුම් වාග් සංග්‍රාමයක් ඊයේ (11) පාර්ලිමේන්තුවේදී ඇතිවිය.

ඒ රිෂාඩ් බද්යුදීන් මන්ත්‍රීවරයාට ඉඩම් අක්කර 11000ක් ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක චෝදනා කිරිමත් සමගය.

මෙහිදී රිෂාඩ් බද්යුදීන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ තමන්ට ඉඩම් අක්කර 11000ක් ඇති බවට ඔප්පුකර පෙන්නුවහොත් තමන් දේශපාලනයෙන් ඉවත්වන බවයි.

එසේ ඔප්පු කිරීමට නොහැකිවුවහොත් එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා දේශපාලනයෙන් ඉවත්විය යුතු බවත් ඔහු සඳහන් කළේය.

අනතුරුව අදහස් දැක්වූ එස්.බී. දිසානායක සඳහන් කළේ රිෂාඩ් බද්යුදීන් මහතාගේ පවුලේ අයගේ නමට මෙම ඉඩම් අක්කර 11000 ඇති බවත් ඒ පිළිබඳව ඔප්පු තමන් සතුව ඇති බවත්ය. නමුත් ඔහු ඒ කිසිවක් ඔප්පු කරන දදවසක් හෝ කිව්වේ නැත.

මීට පෙර රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා විමල් වීරවංශ මන්ත්‍රීවරයා වෙතද මෙවැනි අභියෝගයක් එල්ල කර සිටියත් ඒ ගැන වීරවංශ මන්ත්‍රීවරයා අදටත් නිහඬය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න