අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වූ සියලුම මුස්ලිම් මන්ත‍්‍රීවරුන් යළිත් අමාත්‍යධූර ලබාගැනීමට ඊයේ (11) රාත‍්‍රී පැවැති සාකච්ඡාවේදී තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒ.එච්.එම් ෆවුසි පවසයි.
පාස්කු ඉරුදින එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරයාට එල්ල වූ චෝදනා මාසයක් ඇතුළත ඔප්පුකරන මෙන් පවසමින් සියලුම මුස්ලිම් ඇමතිවරුන් ඉල්ලා අස්වූ බවත් කී මන්ත‍්‍රීවරයා මේ වනවිට එම කාලය ඉක්ම ගොස් ඇති බවත් අදාළ චෝදනා කිසිවක් ඔප්පු කිරීමට නොහැකිවූ බවත් වැඩිදුරටත් සදහන් කර තිබේ.
එමෙන්ම පාස්කු ඉරුදින ප‍්‍රහාරයට බදියුදීන් මන්ත‍්‍රීවරයාගේ කිසිඳු සම්බන්ධයක් නැති බවට පොලිසිය පවා වාර්තා කර තිබෙන බැවින් රටට සේවයක් කිරීමට නැවැත ඇමතිධූර ලබාගැනීමට තීරණය කළ බවද ඔහු පවසයි.
මෙම තීරණය පිළිබඳව තමන් මේ වනවිට අගමැතිවරයාට දැනුම් දී බවත් එංගලන්තයේ සංචාරයක නිරත ජනාධිපතිවරයා මෙරටට පැමිණි වහාම මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව අගමැතිවරයා කී බවද ඒ.එච්.එම් ෆවුසි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

