රියදුරු බලපත් ජාවාරමක් : විදෙස්ගත ලාංකිකයන් සුද්ද කරයි !

රියදුරු බලපත් ජාවාරමක් : විදෙස්ගත ලාංකිකයන් සුද්ද කරයි !

මෙරට රියැදුරු බලපත් හිමි විදේශගත ශ්‍රී ලාංකිකයන්ට එම රියැදුරු බලපත්‍ර විදේශීය රියැදුරු බලපත්‍ර බවට හරවා දෙන බව කියමින් සිදුකරන ජාවාරමක් පිළිබඳ තොරතුරු හෙළිව තිබේ.

මේ වන විටත් යුරොපයේ සැලකිය යුතු පිරිසක් මෙම ජාවාරමට අසුවී ඇති බවද දැන ගැනීමට තිබේ. සමාජජාලා සම්බන්ධතා ඔස්සේ මෙම ජාවාරම ක්‍රියාත්මක වී ඇත.

වාර්තා වන ආකාරයට ව්‍යාජ ලෙස සැකසූ මොටර් රථ දෙපාර්තමේන්තුවේ ලිපි ශිර්ශ හා මුද්‍රා පාවිච්චිකරමින් මෙම කටයුත්ත සිදුකෙරෙමින් පවතී.

දින තුනක් ඇතුලත අන්තර්ජාලය හරහා (online) මෙම රියැදුරු බලපත්‍ර මාරු කරදෙන බව ජවාරම්කරුවන් පවසන අතර මේ සඳහා රු. 25,000 ත් 60,000 ත් අතර විවිධ මිල ගනන් වලට මෙය සිදු කර ඇත.

මෙම ජාවාරම් කරුවන් මුලින් සිදු කරන්නේ සමාජ ජාලා වල ව්‍යාජ ගිණුම් තනාගෙන තමන් ශ්‍රී ලංකාවේ මොටර් රථ දෙපාර්ථමේන්තුව හරහා online රියැදුරු බලපත්‍රය සකසා ගත් බවට ව්‍යාජ තොරතුරු සමාජ ගත කිරීමය.. පසුව ඒ සම්බන්ධයෙන් විමසීම් කරන පුද්ගලයන්ට ජාවාරම්කාර කණ්ඩායමේ තවත් අයෙකුගේ සම්බන්ධතාවයක් සකසා දීම සිදු කරයි. ඒ අනුව එම කටයුත්ත සිදු කර ගැනීමට අවශ්‍ය ලිපි ලේඛන එම අය විසින් මුදා හරින අතර ඒවා සම්පුර්ණ කර දීමෙන් පසුව මුදල් ගෙවන ලෙස දන්වයි..එසේම මෙහි සත්‍ය අසත්‍යතාවය විමසීමෙදී තමන් විසින් සැකසූවා යැයි කියන රියැදුරු බලපත්‍ර වල ඡායාරූප යොමු කිරීමද සිදු කරනු ලබයි. එසේම දුරකතන සංවාද හරහාද මෙම කටයුත්තේ විශ්වාසනීයත්වය ගොඩ නැගීමට මෙම ජාවාරම් කරුවන් කටයුතු කිරීමද සිදුකරයි. කෙසේ නමුත් මුදල් ගෙවීමෙන් පසුව ජාවාරම්කාර සමාජජාල ගිණුම් හිමියන් අතුරුදන්වීම හෝ මඟහැරීම සිදුවේ.

රියැදුරු බලපත්‍ර සම්බන්ධයෙන් කටයුතු කරන මෙරට එකම නීත්‍යානුකූල රාජ්‍ය ආයතනය වන මොටර් රථ දෙපාර්තමේන්තුවෙන් කිසිදු විමසීමක් සොය බැලීමක් නොකට කිසිදු අනන්‍යතාවයක් හෙළිකරගත නොහැකි ජාවාරම්කරුවන් හරහා එම සේවාවන් පහසුවෙන් ලබා ගැනීමට අනුවන ලෙස කටයුතු කිරීම නිසා මේ වන විට විශාල පිරිසක් මෙම උගුලට හසුව තිබේ. ඒ අතරම විදේශගතව සිටින බැවින් මේ සම්බන්ධයෙන් මෙරට පොලිසියට පැමිණිලි කිරීමේ අපහසුව හා ලැජ්ජාව නිසා මේ බොහෝ පිරිස මෙම ජාවාරම ගැන නිහඬව පසුවේ. එහෙත් අප විසින් යෙදූ දූතයකු හරහා මෙම ජාවාරම ගැන තොරතුරු ‍රැසක් හෙළිකර ගැනීමට හැකිවිය.

online පහසුකම් ඔස්සේ මෙලෙස රියදුරු බලපත්‍ර මාරු කිරීමක් සිදු කරනවාද යන්න ගැන අප මොටර් රථ දෙපාර්ථමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඒ.එච්.කේ ජගත් චන්ද්‍රසිරි මහතාගෙන් කළ විමසීමෙදී එය අසත්‍යක් බව පැහැදිලිවම ප්‍රකාශ කර සිටියේය.

ඒ කෙසේ නමුත් මෙම ජාවාරම සම්බන්ධයෙන් වහා ක්‍රියත්මක වීමට මොටර් රථ දෙපාර්තමේන්තුවත් ශ්‍රී ලංකා පොලිසියත් කටයුතු කළ යුතුව ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න