තවුහිද් ජමාත් කොළඹ සංවිධායකට ඇප

තවුහිද් ජමාත් කොළඹ සංවිධායකට ඇප

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ කොළඹ නායක මොහොමඩ් පවාස් රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද(15) නියෝග කළාය.

මෙම සැකකරු සම්බන්ධයෙන් දැනට සිදුකර ඇති විමර්ශන වාර්තාවලින් එළි දරව් වන කරුණුවලට අනුව ඔහුට ඇප දීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බවට නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර ලිපියක් සලකා බැලීමෙන් පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් මෙම ඇප නියෝගය ප්‍රකාශයට පත් කරනු ලැබීය.

මොහොමඩ් පවාස් නැමැත්තාගේ විදෙස් ගමන් තහනමක්ද පනවා ඇති අතර නඩුව යළි සැප්තැම්බර් මස 24 වනදා කැඳවීමට නියමිතය.

ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක වශයෙන් කටයුතු කරමින් එම සංවිධානයට අයත් වීඩියෝ පට හා සංයුක්ත තැටි තබාගෙන කිසියම් අපරාධ ක්‍රියාවක නිරත වීමට සූදානම් වීම සම්බන්ධයෙන් සැකපිට කෙසෙල්වත්ත පොලිසිය මගින් එම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න