ජනාධිපතිවරණ කාලසීමාව : මැතිවරණ කොමිසමේ සභාපති දන්වයි !

ජනාධිපතිවරණ කාලසීමාව : මැතිවරණ කොමිසමේ සභාපති දන්වයි !

නොවැම්බර් මස 15 දා හා දෙසැම්බර් මස 7 දා අතර අනිවාර්යයෙන්ම ජනපතිවණය පැවැත්විය යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

අද පෙරවරුවේ (15) ශ්‍රී ලංකා කර්තෘ සංසඳයේ සාමාජිකයන් හා පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය.

"අනිවාර්යයෙන්ම ජනපතිවරණය නොවැම්බර් 15 දෙසැම්බර් 7 යන දවස් දෙක යන කාලසීමාව තුළ පවත්වන්න ඕන. නොවැම්බර් 16 ජනපතිවරණය පවත්වන්නේ නම් අපි නාම යෝජනා කැඳවන්නේ සැප්තැම්බර් 3 වැනි සතිය අවසන්වනවාත් සමගයි.

සෙනසුරාදා දිනයක මැතිවරණය තියන්න අපි උපරිම උත්සාහය ගන්නවා. රටේ ජනතාවට ආර්ථිකයට සිදුවන අවම හානිය සලකා බලමින්. ඒ අනුව දවස් හතරයි නොවැම්බර් 16, 23 30 හා දෙසැම්බර් 7 (යන දිනවල ජනපතිවරණය පැවැත්විය හැකියි). නෙවැම්බර් 30 දෙසැම්බර් 7 අතර සාමාන්‍ය පෙළ විභාගය එන ගැටලුව තිබෙනවා.

සමහර අය මතුකර තිබෙනවා අපි දෙසැම්බර් 7 ඡන්දය තියලා යම් ආකාරයකට රී පෝල් එකක් වුණොත් කවුද ජනපති කියලා. රී පෝල් එකක් සති දෙකක් ඇතුළත තමයි තියන්න ඕන. නිල කාලය (වත්මන් ජනපතිට) තිබෙනවා ජනවාරි 9දා වෙනකම්. රී පෝල් එකක් ආවොත් අන්තිම දවසට ගියොත් ගැටලුවක් නෙමෙයි.

අපි දීපු උත්තරය තමයි දෙසැම්බර් 7 ඡන්දය තිබ්බොත් ඡන්ද පොළේ කිසිම අක්‍රමිකතාවක් හෝ රී පෝල් එකක් වෙන්නේ නැතිවෙන්න රටේ මහජනතාව, දේශාලඥයින්, පොලීසියත් මාධ්‍යෙව්දීන් බලාගන්නම්. ඒ නිසා අපි දීපු පිළිතුර පැන නොනගී කියලා. නමුත් කොමිෂන් සභාව මේ ගැන අවධානය යොමුකර තිබෙනවා කිසිම අක්‍රමිකතාවක් නොවෙන්න අපි වග බලා ගන්නවා. කිසිම අක්‍රමිකතාවක් නොවෙන්න වග බලා ගැනීමේ වගකීම තිබෙන්නේ මහ ජනතාවටයි.

යම් ආකාරයක ඡන්ද පොළක් වැහෙනනවම් නම් හෝ රී පෝල් කරන්න වෙන්නේ කඩාකප්පල් වැඩ කළොත්. වෙලාවට පටන් ගත්තේ නැත්තොත් වෙලාවට කලින් ඉවර කළොත්. මේක වළක්වා ගන්න තියෙන අවස්ථා උපරිමයි. සමහරු කියනවා සිතා මතා කඩාකප්පල් කලා කියලා. ඒක හරියට ඕපන් සෝස් වගෙයි. ”

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න