“මෙතෙක් කිසිවකු නොදුටු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා රියැලිටි ෂෝ පෙන්වන ‘කෝලං කාරක සභාවට’ ගෙන්වන්න හදනවා'' යයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ චෝදනා කරයි.
රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී (SIS) ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කමිටුව හමුවට ජුලි 24 වෙනිදා කැඳවීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් විරෝධය පළකරමින් එසේ පැවසු මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.
‘මිලේනියම් සිටි’ මහා පාවාදීම සිදු කරපු, බුද්ධි අංශ නිලධාරීන් හිරේ දමා, බුද්ධි මෙහෙයුම් බිඳ දැමූ මේ රනිල් වික්‍රමසිංහ ඇතුළු නඩය දැන් සැරසෙන්නේ එවැනිම මහා පාවාදීමක් සිදු කරන්නයි. දැන් මේ රටේ ‘කෝලං කාරක සභාව’ ඉදිරියට රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී, ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා කැඳවන්නයි සූදානම් වෙන්නේ.
මෙතෙක් කිසිවකු හඳුනානොගත්, එක්තරා ආකාරයක අර්ධ රහසිගත ජීවිතයක් ගත කිරීමට සිදුව ඇති, ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සුවිශාල වගකීමක් පැවරී ඇති, මෙරට රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා මෙලෙස මේ ‘රියැලටි ෂෝ’ එකට ගෙනැවිත් ප්‍රශ්න කළාම මොකද වෙන්නේ? ඔහු රට හමුවේ පමණක් නොවෙයි ලෝකය පුරාම අනාවරණය කෙරෙනවා.
ඔහු සතුව ඇති සංවේදී බුද්ධි තොරතුරු රැසක් විමසා මෙරට බුද්ධි මෙහෙයුම් ජාලය සම්පූර්ණයෙන්ම වනසා දමන්නයි මේ දේශද්‍රෝහීන් සැරසෙන්නේ. සහරාන්ලා මරාගෙන මැරෙන ප්‍රහාරවලට සූදානම් බව දැනුම් දුන්නේ රාජ්‍ය බුද්ධි අංශය බව අමතක කරන්න එපා. මේ දේශද්‍රෝහී ආණ්ඩුව මෙමගින් තවත් වහබි ත්‍රස්ත ප්‍රහාරයකට පාර කපා දෙන බව ඔබ වටහාගත යුතුයි.
ඒ නිසා සහරාන් එල්ල කළ ප්‍රහාරයට වඩා වැඩි ප්‍රහාරයක් මේ රටේ ‘කෝලං කාරක සභාව’ විසින් ජාතික ආරක්ෂාවට එල්ල කරනවා. මේ දේශද්‍රෝහී ආණ්ඩුව, නිලන්ත ජයවර්ධන මහතාගේ ඡායාරූපයක් ඔහු මේ ‘කෝලං කාරක සභාවට’ කැඳවන්න පෙර දිනයේ තමන්ට හිතවත් වෙබ් අඩවිය ඔස්සේ ප්‍රසිද්ධ කරන්න සූදානම් වෙනවා. මේක එහෙව් දේශද්‍රෝහී ආණ්ඩුවක්.''

