පුද්ගලයන් 11ක් අතුරුදහන් කිරීමේ නඩුවත් කල් යයි !

පුද්ගලයන් 11ක් අතුරුදහන් කිරීමේ නඩුවත් කල් යයි !

පුද්ගලයන් 11දෙනෙකු පැහැරගැනීමේ සිද්ධියකට වරෙන්තු ලැබ සිටි නේවි සම්පත් නැමැත්තාට රටින් පලායාමට සහ සැඟවී සිටීමට ආධාර අනුබල දුන්නැයි කියන සිද්ධියට අදාළ සැකකාර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණවර්ධන සම්බන්ධ නඩුව ලබන ඔක්තෝබර් 9 වැනිදා තෙක් කල් තැබීමට තීන්දු කර තිබේ.

අදාල නඩුව අද (17) කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවේ කැඳවූ අතර එහිදී මහෙස්ත්‍රාත්වරයා මේ තීන්දුව නිකුත්කර ඇත.

එම සිද්ධියට අදාළ පළමු සැකකරු වූ නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් ලක්සිරි යන අයට පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව අත්හිටුවීමට ද අධිකරණය නියෝග කර තිබේ.

මෙම සිද්ධියේ දෙවන සැකකරු වූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණවර්ධනද අද අධිකරණය හමුවේ පෙනී සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න