සාදු තීනියාවල පාලිත : බිලියනයක් ලෑස්ති කරගන්න - ඇමති මංගල දන්වයි !

සාදු තීනියාවල පාලිත : බිලියනයක් ලෑස්ති කරගන්න - ඇමති මංගල දන්වයි !

තීනියාවල පාලිත හිමිගෙන් රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා අස්වීමට නඩු පැවරීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ඒ ඊයේ තීනියාවල හිමි මුදල් අමාත්‍ය මංගල සමරවීර සම්බන්ධව නැගූ අභූත චෝදනා පදනම් කරගෙනය.

මේ සම්බන්ධව අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කර ඇත්තේ තීනියාවල ස්වාමින් වහන්සේගේ අනුහසින් බිලියන්පතියකු වීමේ පහසු අවස්ථාවක් තමන්ට උදාවී ඇති බවය.

මේ වන විට මුදල් අමාත්‍ය මංගල සමරවීර නිල සංචාරයක් සදහා විදේශගතව සිටින අතර තීනියාවල පාලිත භික්ෂුව ඊයේ (17) මාධ්‍ය හමුවක් කැඳවා ප්‍රකාශ කළ කරුණු කාරනා සම්බන්ධයෙන් 'ද ලීඩර්' දුරකථනය ඔස්සේ සිදුකළ විමසීමකදී මේ බව සදහන් කර තිබේ.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර ඇත්තේ තීනියාවල භික්ෂුවගේ අවලාද සම්බන්ධයෙන් තමන්ගේ කීර්තිනාමයට සිදුවූ කැළල වෙනුවෙන් රුපියල් බිලියනයක වන්දි මුදලක් ඉල්ලා වහාම අධිකරණය හමුවේ නඩු පැවරීමට මේවනවිටත් කටයුතු කර ඇති බවය.

ජඩ මාධ්‍යවලටත් නඩු !

එසේම, එවැනි චිවරධාරින්ගේ වාචාල කතා කිසිඳු වගවිභාගයකින් තොරව ඉතාමත් ද්වේශ සහගත ආකාරයෙන් විකාශය කළ 'අද දෙරණ' හා 'හිරු' රුපවාහිනී නාලිකා වලටත් 'ලංකා සී නිව්ස්' ඇතුළු හදුනා ගත් වෙබ් අඩවි කිහිපයකට එරෙහිව ද නඩු පැවරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා සදහන් කර ඇත.

මොකක්ද මේ වෛරය !

''මේ හාමුදුරුවෝ මට මඩ ගහන්නේ ඇයි ද කියන කාරණය දැන් රටම දන්නවා. මම උන්වහන්සේව ලංකා හොස්පිටල් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවත්කළා. ඒ ප්‍රතිපත්තිමය තීරණයක් මත. මා යටතේ තියන කිසිම ආයතනයක අධ්‍යක්ෂ මණ්ඩලවලට පුජ්‍ය පක්ෂය පත්කරන්නේ නැහැ. එහෙම කරන එක වරදක් විදියටයි මම දකින්නේ.

මේ වගේ ඕනෑම කෙනෙකුට ඕනෑම වාචාල කතාවක් කියන්න පුළුවන්. එත් එවැනි බොරු ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් වගකිවයුතු මාධ්‍ය මිටවඩා සැලකිල්ලක් දක්වන්න තිබුනා. මේ කියන කාරණාවලට අදාල වකවානුවල විෂයබාර ඇමති මමවත් නෙමෙයි. අඩුම තරමින් මේ මාධ්‍ය එවැනි කාරනා ගැනවත් සොයා නොබලා මට එරෙහිව ද්වේශ සහගත ප්‍රචාරයක් ගෙන ගියේ මම එම මාධ්‍ය ආයතනවලට දැන්වීම් ලබාදෙන එක නවත්තලා තියන නිසා.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු එම රුපවාහිනී ආයතන දෙක විසින් ගෙනගිය ජාතිවාදී වෛරී මාධ්‍ය මෙහෙයුම නිසා මම ඒ ආයතන දෙකට දැන්වීම් දෙන්න එපා කියල මගේ යටතේ තියන ආයතන වලට දැනුම් දුන්නා.

පිළිතුරු බලාපොරොත්තු වෙන්න !

කොහොමවුනත් පාලිත හාමුදුරුවන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් මම ලංකාවට පැමිණි වහාම මාධ්‍ය හමුවේ අනාවරණය කරන්නම්.

පාලිත හාමුදුරුවන්ගේ මඩ මෙහෙයුම පිටුපස සිටින දේශපාලනඥයින් කවුරුන්ද යන වගත් එවැනි පුද්ගලයින් පසුගිය කාලයේ සිදුකල ජනතා දේපල මංකොල්ලයත් මම එදාට හෙලිකරන්නම්. ''

67297660 2264783163620006 7670963366210306048 o

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න