බුකිය කැළඹු WP-CAG – 0550 හා WP-CAD – 8850 ට එරෙහිව : මන්ත්‍රී ආශු පොලිසියට !

බුකිය කැළඹු WP-CAG – 0550 හා WP-CAD – 8850 ට එරෙහිව : මන්ත්‍රී ආශු පොලිසියට !

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ වෑන් රථ රියෙදුරෙකුට VIP ප්‍රහාරයක් දියත්වන වීඩියෝවක් පදනම් කරගෙන සමාජ මාධ්‍ය ජාල තුළ ප්‍රතිචාර දැක්වීම් සිදුවුවත් අදාළ සිදුවීම සම්බන්ධව විධිමත් නෛතික ක්‍රියාමාර්ග ගනු ලබන තත්ත්වයක් පෙනෙන්නට නැත.

ඒ පදනම් කරගෙන එක්සත් ජාතික පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ ක්‍රියාත්මකව පොලිස්පති වෙත පැමිණිලි කිරීමට කටයුතු කර ඇත.

ලිඛිතව සිදුකළ එම පැමිණිල්ල පහත දැක්වෙන අදාළ සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වන වීඩියෝව අනුව පහර දීම සිදු කල ප්‍රාඩෝ රථයේ හා ඩිෆෙන්ඩර් රථයේ අංක WP-CAG – 0550 හා WP-CAD – 8850 බව දැක්වෙන අතර මේ ගැන පරීක්ෂණයක් සිදු කර වහාම තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස මන්ත්‍රීවරයා සිය පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

එසේම පහරකෑමට ලක්වු රියදුරු මහතාට සම්පුර්ණ සාධාරණය ඉටුවිය යුතු බවත් තමන් ඒ වෙනුවෙන් පෙනී සිටින බවත් එහිදී මන්ත්‍රීවරයා අවධාරණය කර ඇත.

මන්ත්‍රීවරයා යොමුකළ පැමිණිල්ල පහත දැක්වෙයි.IMG 20190719 WA0000

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න