මරණ දඩුවම අහෝසි කිරීමට නියමිත පනත් කෙටුම්පත පසුගිය ජූලි 12 වනදා රජයේ ගැසට් පත්‍රයේ අතිරේකයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට කටයුතු කර ඇත.
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස එය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර තිබේ.
අදාල මන්ත්‍රී යෝජනාව එදිනම ගැසට් පත්‍රයේ පළ කිරීම සඳහා ස්ථාවර නියෝග 52, 53 අත්හිටුවා සිදුකළ යුතු බවට වූ යෝජනාව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සභාවට දැනුම්දී ඇති අතර එය 12 වනදා ගැසට් පත්‍රයේ පළකර ඇත්තේ ඒ අනුවය.
මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපති සිරිසේන අන්ත පසුගාමී උත්සාහයක නිරතව සිටියි.
මනුෂ්‍යත්වයට නිගරු දෙන මේ උත්සාහය සම්බන්ධව මේ වන විට දේශීයව මෙන්න ජාත්‍යන්තර ප්‍රජාව තුළත් දැඩි පිළිකුලක් සහ විරෝධයක් එල්ලව පවතින අතර එම තත්ත්වය මෙරට විදේශ සබඳතා පවා අර්බුදයට ලක්කෙරෙන්නක් බවට පත්ව තිබේ.
ඒ හමුවේ මරණ දඩුවම අහෝසි කෙරෙන මේ වන විට ගැසට්කර තිබෙන පනත් කෙටුම්පත පහත දැක්වෙයි .


newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
