සෞඛ්‍යට සහ පරිසරයට අහිතකර අබලි ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට ආනයනය කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව පිළිබඳ වහාම පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබා දෙන ලෙස මුදල් අමාත්‍ය මංගල සමරවීර ශ්‍රී ලංකා රේගුව වෙත ඊයේ (23) නියෝග කර ඇති බව වාර්තා වෙයි.
විදේශ සංචාරය නිමා කරමින් දිවයිනට පැමිණි මුදල් අමාත්‍යවරයා රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.එස්.එම්. චාල්ස් වෙත මෙම නියෝගය කර තිබේ.
දැනට අනාවරණ වී ඇති පරිදි මෙරට සමාගමක් මගින් නාගරික අබලි ද්‍රව්‍ය මෙලෙස ශ්‍රී ලංකාවට ආනයනය කර ඇත.
ඕනෑම රටකට නාගරික අබලි ද්‍රව්‍ය ආනයනය කරන්නේ නම් ඊට අදාළ රටේ පරිසර අධිකාරියේ අවසරය ලබා ගත යුතු ය. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කිසියම් පාර්ශ්වයක් අදාළ නීති රෙගුලාසිවලට පටහැනිව ක්‍රියාකර ඇත්නම් ඔවුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
