සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස් වූ කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමත්‍යවරුන් ඊයේ (29) ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති සිරිසේන ඉදිරියේ යළි නව අමාත්‍ය ධූරයන්හි දිවුරුම්දී තිබේ.
ඒ අනුව අදාළ ඇමතිවරුන් සහ ඔවුන් ලැබූ අමාත්‍යංශ මෙසේය.
රවුෆ් හකීම් - නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය
රිෂාඞ් බදියුදීන් - කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය
අමීර් අලි - කෘෂිකර්ම, වාර්මාර්ග සහ ග‍්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය
අබ්දුල්ලා මහරුෆ් - වරයා හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
මේ අතර බුද්ධික පතිරණ කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු දිගුකාලීන අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන හා වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
