නාමල්ගෙන් හොඳ යෝජනාවක් !

නාමල්ගෙන් හොඳ යෝජනාවක් !

එළැඹෙන ජනපතිවරණයට ඉදිරිපත්වන සියලුම අපෙක්ෂකයන් තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය පොලිතීන් හා පෝස්ටර්වලින් තොරව පරිසරයට හානි දායක නොවන ලෙස සිදුකරන ලෙස තමන් ජනපති අපේක්ෂකවරුන්ගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇත්තේ මුද්‍රිත මාධ්‍යක් වෙත ප්‍රකාශයක් ලබාදෙමිනි.

එහිදී ඔහු මෙසේද සඳහන් කර ඇත.

“ඊළඟ ජනපතිවරණයට ලංකාවේ සියලුම දේශපාලන පක්ෂ සූදානම් වෙනවා. බොහෝ ජනපති අපෙක්ෂකයන් තමන් ජනපති අපෙක්ෂකයන් ලෙස නම්කරනවා. සමහරු ජනපති අපේක්ෂකයා වෙන්න උත්සාහ කරනවා.

පොදුජන පෙරමුණ 11දා ජනපති අපේක්ෂකයා නම් කරනවා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ කියලා තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය කියලා තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තාම තීන්දුව ගනිමින් ඉන්නවා.

මැතිවරණයට සියලු දෙනාගේම අවධානය යොමුවී ඇති කාලසීමාවක්. මේ ජනාධිපති මැතිවරණය තීරණාත්මක මැතිවරණයක්. රටේ තියෙන සමාජ, දේශපාලන, ආර්ථික ගැටලු සමග රටේ අස්ථාවර භාවය ඇතිවෙලා. ජාතික ආරක්ෂාවට හානි වෙලා තිබෙනවා.

මම පෞද්ගලිකව යෝජනාවක් හා ඉල්ලීමක් කරනවා. සියලුම ජනාධිපති අපෙක්ෂකවරු තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය පොලිතීන් හා පෝස්ටර්වලින් තොරව පරිසයරයට හානි දායක නොවන අයුරුන් කළොත් හොඳයි කියන එක.”

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න