බැඳුම්කර විවාදයට පෙර දේශපාලන පිපිරීමක් !

බැඳුම්කර විවාදයට පෙර දේශපාලන පිපිරීමක් !

පෙබරවාරි 10 වනදා පැවැත්වෙන මැතිවරණයට පෙර හැකිනම් එක් දිනක් හෝ එම වාර්තා විවාදයට ගන්නැයි ජනාධිපතිවරයා කල අභියෝග අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (27) බාර ගැනීමත් සමග ඉදිරි දින කිහිපයේදී දැඩි දේශපාලන පිපිරීමක් සිදුවීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.

එම වාර්තාවලට අනුව, බැඳුම්කර විවාදයට පෙර ආන්දෝලනාත්මක බැඳුම්කර සමාගමේ ප්‍රධානි අර්ජුන් ඇලෝසියස් මහතා අත්අඩංගුවට ගැනීමේ සුදානමක් ද පවතින බව වාර්තා වන අතර ඔහු ඊට පෙර බැඳුම්කර සිද්ධියට අදාළව මෙතෙක් හෙළිදරව් නොවූ රහස් රැසක් මාධ්‍ය හමුවේ හෙළිදරව් කිරීමට තීරණය කර ඇතැයි වාර්තාවේ.

බැඳුම්කර සමාගමේ ප්‍රධානියාගේ හෙළිදරව්ව ආණ්ඩුවේ පැවැත්ම කෙරෙහිද තීරණාත්මක ලෙස බලපානු ඇතයි වාර්තා වේ.

මාරපන වාර්තාව අගමැතිට :

එසේම, මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධියට එක්‌සත් ජාතික පක්‌ෂයේ මන්ත්‍රීවරුන් සම්බන්ධ වූවේදැයි සොයා බැලීමට එම පක්‌ෂය විසින් පත් කළ කමිටුවේ වාර්තාව ලබන සතියේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදීමට නියමිතව තිබේ.

ඒ අතර ජනාධිපතිවරයා හා ශ්‍රීලනිප ඇමතිවරුන් එක්සත් ජාතික පක්ෂය ඉලක්ක කර ගනිමින් සිදුකල ප්‍රකාශයන්ට පිළිතුරු දෙමින් අගමැතිවරයා විශේෂ ප්‍රකාශ කිහිපය පටිගත කර ඇති අතර ඒවා සඳුදා සිට කොටස් වශයෙන් විකාශය කිරීමට කටයුතු යොදා ඇතැයි 'සිරිකොත' එජාප මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න