ප්‍රවීන සිනමාවේදී ධර්මසේන පතිරාජයෝ දිවියෙන් සමුගනී

ප්‍රවීන සිනමාවේදී ධර්මසේන පතිරාජයෝ දිවියෙන් සමුගනී

සම්මානලාභී ප්‍රවීන සිනමාවේදී ධර්මසේන පතිරාජ මහත අවරුදු 74ක්ව සිටියදී ඊයේ රාත්‍රියේ හදිසියේ අභාවප්‍රාප්ත වී ඇත.

ඔහු මහනුවර පෞද්ගලික රෝහලකදී මෙසේ අභාවප්‍රාප්ත වී ඇත.

සිංහල සිනමාවේ පෙරළිකාර යුගය නියෝජනය කළ ධර්මසේන පතිරාජයෝ 1943 මාර්තු මස 28 වැනිදා උපත ලබා ඇති ඇති අතර ‘සතුරෝ‘ කෙටි චිත්‍රපටයෙන් සිනමාවට පිවිස ‘අහස් ගව්ව‘ තුළින් එහි සිය සළකුණු සනිටුහන් කිරීමට සමත් විය.

1975 වසරේදී ඔහු විසින් නිර්මාණය කරන ලද ‘එයා දැන් ලොකු ළමෙයෙන්‘ චිත්‍රපටය 09 වන මොස්කව් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී සම්මානයෙන් පිදුම් ලැබීය.

මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදී ශිෂ්‍යෙයකු වූ ධර්මසේන පතිරාජ මහතා ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයෙන් බෙංගාලි සිනමාව පිළිබද ආචාර්ය උපාධියක්ද හිමි කර ගෙන ඇත.

දේහය පිළිබද අවසන් කටයුතු ජනවාරි 28 දා (අද)  සවස 06.00 ට මහනුවර මහයියාව සුසානභූමියේ දී සිදු කිරීමට නියමිතය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න