මුස්ලීම් දේශපාලන නායකයන්ට බනින්න එපා : මහින්දගෙන් නියෝගයක් !

මුස්ලීම් දේශපාලන නායකයන්ට බනින්න එපා : මහින්දගෙන් නියෝගයක් !

රිෂාඩ් බදූර්දීන් සහ රවුෆ් හකීම් ඇතුළු මුස්ලිම් අමාත්‍යවරුන් ඉලක්ක කරගනිමින් එල්ල කරන ප්‍රහාර වහාම නවතා දමන ලෙස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පොහොට්ටු පාර්ශවයේ සියලුම මාධ්‍ය ක්‍රියාකාරීන් වෙත නියෝග කර ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ ප්‍රබල මන්ත්‍රීවරුන් පිරිසක් සහ ප්‍රචාරණ අංශයේ ඉහළ කළමනාකාරීත්වය සමඟ පැවති හමුවකදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මෙම නියෝගය නිකුත් කර ඇති අතර සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකාරිකයින් කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ යුතු බව ද අවධාරණය කර ඇති බවත් වාර්තා වෙයි.

සිංහල ඡන්ද පදනම මේ වනවිටත් පැහැදිලි ඉරකින් ප්‍රධාන පක්ෂ දෙක කෙරෙහි බෙදී ඇති නිසා තවදුරටත් ජාතිවාදය ඇවිස්සීමෙන් පොහොට්ටුවට දිනාගත හැකි දෙයක් නොමැති බවත් ඔහු එහිදී පෙන්වා දී ඇති බවත් වාර්තා වෙයි.

ගම්මන්පිල- විමල් රෙදි නැතුව වැඩ !

කෙසේ වුවත් පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ගම්මන්පිල මන්ත්‍රීවරයා පවසා සිටියේ රිෂාඩ් බදියුදීන්, හකීම් සිටින අමාත්‍ය මණ්ඩලයක තමන් අසුන් නොගන්නා බවයි.

එසේම පසුගිය සමයේ නොදන්නා වහබ් වාදයක් ඇදගෙන විමල් වීරවංශ මන්ත්‍රීවරයා ද සමාජය තුළ දැඩි ජාතිවාදී ආගම්වාදී පදමින් මතයක් ඇති කිරීමට උත්සාහ දැරිය. එහෙත් මහින්ද රාජපක්ෂ පොහොට්ටු නායකත්වය ගෙන නිකුත්කර ඇති මේ නියෝගය හේතුවෙන් ඔවුන්ට යළිත් නිහඬ වීමට සිදුවන තත්ත්වයක් මතුව තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න