පොලීසියේ කොස්තාපල් ඇතුළු 31,500 ට උසස්වීම් වරම් ළඟදීම !

පොලීසියේ කොස්තාපල් ඇතුළු 31,500 ට උසස්වීම් වරම් ළඟදීම !

පොලිස් දෙපාර්තමේන්තුවේ පවත්නා පුරප්පාඩු නොසලකා පොලිස් කොස්තාපල් සිට පොලිස් පරීක්ෂක දක්වා උසස්වීම් ලබාදීමේ ක්‍රමවේදයක් මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් සකස් කරමින් තිබෙන බව වාර්තා වෙයි.

මුදල් අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත්කරමින් මේ බව සදහන් කරන අතර එහි වැඩිදුරටත් මෙසේද දැක්වෙයි.

85,000 කට අධික කාර්ය මණ්ඩලයෙන් යුතු පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල් සිට පොලිස් පරීක්ෂක දක්වා 31,540 දෙනෙකු සේවයේ නිරතව සිටිති. මෙම කාර්ය මණ්ඩලයේ විශේෂයෙන් බහුතරයක් වන පොලිස් කොස්තාපල්වරුන්ට, පවත්නා පුරප්පාඩු සැළකිල්ලට නොගෙන උසස්වීම් ලබාදීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන්නැයි පොලිස් දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂක අමාත්‍යාංශය හරහා 2019 වසරේ මාර්තු මස මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත ඉල්ලීමක් කර තිබුණි.

පොලිස් දෙපාර්තමේන්තුවේ පත්කිරීම්, උසස් කිරීමේ හා විනය කටයුතු භාර පොලිස් කොමිෂන් සභාවේද නිර්දේශ ඇතිව මෙම ඉල්ලීම කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර තිබිණි.

රාජ්‍ය අංශයේ සියළු සේවාවන් සඳහා වැටුප් ඇතුළු කාර්ය මණ්ඩල හා බඳවා ගැනීම් පරිපාටි අනුමත කිරීම කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව මගින් සිදුකෙරේ. ඒ අනුව, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් පොලිස් දෙපාර්තමේන්තුවේ අදාළ නිලධාරීන් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වන ලදී.

පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල්වරුන්ට උසස්වීම් ලබාදීම සඳහා මුදල් නැතැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීයැයි ඇතැම් මාධ්‍යවල ප්‍රචාරය වූ ප්‍රවෘත්තිය මුළුමනින්ම සාවද්‍ය වේ.

පොලිස් කොස්තාපල්වරුන්ගේ උසස්වීම් සඳහා පොලිස් දෙපාර්තමේන්තුව වෙතින් අදාළ අංශවෙත යොමුකරන ලද ඉල්ලීම සාමාන්‍ය පරිපාලන ක්‍රමවේදය අනුව භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ සාකච්ඡාවට බඳුන් වී ඇත. අමාත්‍යවරුන් සම්බන්ධ නොවන සාමාන්‍ය පරිපාලන ක්‍රමවේදයට යටත් මෙම කරුණේදී මුදල් අමාත්‍යවරයා මුදල් නොමැති බව සඳහන් කරමින් මෙය ව්‍යාර්ථ කිරීමට උත්සාහ දරා ඇතැයි අඟවමින් මහජනතාව නොමඟ යවන අයුරින් පුවත් පළ කර තිබුනි. තවද මෙම ක්‍රමවේදය සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස මංගල සමරවීර මහතා කිසිසේත් සම්බන්ධ නැත.

පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල්වරුන් හට පොලිස් පරීක්ෂක දක්වා කාර්ය මණ්ඩල පුරප්පාඩු සැලකිල්ලකින් තොරව උසස්වීම් ලබාදීමේ අවශ්‍යතාවය ප්‍රතිපත්තියක් වශයෙන් මුදල් අමාතයාංශයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් පිළිගෙන තිබේ. මෙම යෝජනා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තීරණ ගැනීම පිළිබඳ වැඩිදුර තොරතුරු අවශ්‍ය බැවින් ඒවා ලබාදෙන ලෙස වැටුප් කොමිසම විසින් පොලිස් දෙපාර්තමේන්තුව වෙත ජුනි මස ඉදිරිපත් කරන ලද ලිපියට මෙතෙක් ප්‍රතිචාර ලැබී නොමැත.

රජය විසින් පොලිස් නිලධාරීන්ට උසස්වීම් ලබාදීම සඳහා දැනටමත් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බැවින් පොලිස් දෙපාර්තමේන්තුව වෙතින් ඉල්ලා ඇති තොරතුරු ලැබුණු වහාම වැටුප් කොමිසමේද නිර්දේශ සහිතව 31,000 කට අධික පොලිස් නිලධාරීන් හට උසස්වීම් ලබාදීම කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමැතිය ලබාදුන් වහා ක්‍රියාත්මක කළ හැකිය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න