ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියේ සාක්ෂි වසං කිරීමට උත්සාහ දැරූ හිටපු පොලිස් ලොක්කන් තුන්දෙනෙකු පිළිබඳ රහස් පොලිසිය තොරතුරු හෙළිකරගෙන තිබේ.
එම ඝාතනයට අදාලව අවුරුද්දකට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කොට සිටි ආරක්ෂක හමුදා භටයකුගේ නිවෙසට ඔහුගේ වැටුප සහ උත්සව දීමනා යවා ඇතැයි කියන සිද්ධියක් පිළිබඳවද රහස් පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යන බව ආරක්ෂක අංශ ප්‍රධානියකු පැවසීය.
ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වෙන අතරතුරේදී හිටපු පොලිස් ලොක්කකු අදාල පරීක්ෂණ නියාමනයට යද්දී ඔහුව එයින් ඉවත්කොට මන්දගාමී පුද්ගලයන් අතට පත්කර තිබුණේද යන්න ගැනද රහස් පොලිසියට සැක මතුවී තිබේ.
(මව්රට )
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
