මෙරට ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ පත් වුවහොත් රට අනාරක්ෂිත තත්ත්වයට පත් වන්නේ යයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් කියයි.
කොළඹ මෝදර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස ගෝඨාභය රාජපක්‍ෂ මහතා කටයුතු කරද්දී මෙරට මාධ්‍ය නිදහස, පුද්ගලික නිදහස, පුරවැසි නිදහස සියල්ල අහිමි වූ බවද මන්ත්‍රීවරයා එහිදී සිහිපත් කර සිටියේය.
තවද එම යුගයේදී මාධ්‍යවේදීන්ට, මාධ්‍ය ආයතනවලට පහර දුන්නේ යයිද, සුදුවෑන් යොදවා පැහැරගෙන යාම් සිදුකරවූ බවත් පැවසූ මන්ත‍්‍රීවරයා ඔහු ජනාධිපති වුවහොත් තත්ත්වය කෙබදු වේදැයි ජනතාව කල්පනා කල යුතු බවද කීවේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
