ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගත් මෙන්ම ආණ්ඩු පක්ෂයට සහාය දක්වන එහි ජාතික ලැයිස්තු මන්ත්‍රීන් 5කට මාසයක් තුළ එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
ඒ අනුව ඔවුන්ට කරුණු පැහැදිලි කරන ලෙස මේ වන විටත් පක්ෂය විසින් ලිපි යොමුකර ඇති බව නිදහස් පක්ෂ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.
මෙසේ විනය ක්‍රියාමාර්ග ගැනිමට නියමිත මන්ත්‍රිවරුන් වන්නේ එස්.බී. දිසානායක, ඩිලාන් පෙරේරා, ඒ.එච්.එම්. ෆවුසි, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, විජිත් විජයමුණි සොයිසා ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
