සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා වෙත එළැඹෙන ජනාධිපතිවරණයේදී අපේක්ෂකත්වය ලබාදෙන ලෙස ඉල්ලා සිටින කුරුණෑගල රැලිය අද (05) පැවැත්වීමට කටයුතු කර ඇත.
පැවැත්වීමට නියමිත රැළිය හේතුවෙන් එක්සත් ජාතික පක්‍ෂය තුළ යළි බෙදීමක් ඇති වී තිබෙන අතර ඒ සම්බන්ධව දෙපාර්ශවයම විවිධ මත පළකරමින් සිටියි.
මීට පෙර එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිහිපදෙනකු සදහන් කර සිටියේ කුරුණෑගල රැළිය නොපවත්වන ලෙසට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ දැනුම්දීමක් සිදුකර ඇති බවයි.
පාර්ලිමේන්තු මන්තී‍්‍ර, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාද මාධ්‍ය හමුවේ අවස්ථා කිහිපයදී ප‍්‍රකාශ කළේ කුරුණෑගල රැළිය සංවිධාන නොකරන ලෙසට පක්‍ෂ නායකත්වය නිල වශයෙන් දැනුම්දී ඇති බවයි.
කෙසේවෙතත් කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා ප‍්‍රකාශ කර සිටියේ කුරුණෑගල රැළිය නොපවත්වන ලෙසට පක්‍ෂයේ නායකයාගෙන් කිසිඳු දැනුම්දීමක් මෙතෙක් ලැබී නොමැති බවයි. ඒ අනුව කුරුණෑගල රැළියේ සංවිධාන කටයුතු ඉදිරියට සිදුවෙන බවත් ඔහු සදහන් කර සිටියි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
