ඇලෝසියස් වෙනුවෙන් පලිසේනගෙන් ප්‍රකාශයක් !

ඇලෝසියස් වෙනුවෙන් පලිසේනගෙන් ප්‍රකාශයක් !

ආන්දෝලනාත්මක බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධානී අර්ජුන් ඇලෝසියස් මහතා වෙනුවෙන් එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතා විසින් අද (01) දින මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිතව ඇති බව වාර්තාවේ.

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ලබන 06දා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදය ඉලක්කර ගනිමින් මෙම ප්‍රකාශය සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත යොමු කිරීමට ද කටයුතු යොදා ඇතැයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව හරහා රජයට මහා පරිමාණයේ පාඩුවක් සිදුවූ බව සඳහන් සඳහන් කරමින් දේශපාලකයින් විවිධ අගයන් ඉදිරිපත් කරන බවත් ඒ සියල්ල මුළුමනින්ම අසත්‍ය බව ඔප්පු කිරීමට සාක්ෂි තම සේවාදායකයා සතු බව අර්ජුන් ඇලෝසියස් මහතාගේ නීතිඥයන් සඳහන් කරයි.

 සබැඳි පුවත් :

ඇලෝසියස්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න