වත්කම් ප්‍රකාශයට පත්නොකළ කැබිනට් ඇමතිවරු 8 දෙනෙකුට එරෙහිව ට්‍රාන්ස්ප්‍රේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත අද (10) පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.
කැබිනට් අමාත්‍ය වරුන් වන සජිත් ප්‍රේමදාස, නවීන් දිසානායක, හරීන් ප්‍රනාන්දු, අකිල විරාජ් කාරියවසම්, රවී කරුනානායක, ගයන්ත කරුණාතිලක, මනෝ ගනේෂන්, එම්.එච්.ඒ හලීම් යන අමාත්‍ය වරුන්ට එරෙහිව එම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
2019 අගෝස්තු 20 වන විට 2018/19 වර්ෂ වලට අදාලව සිය වත්කම් බැරකම් ප්‍රකාශනයට පත්කළ යුතු උවද වත්කම් බැරකම් ප්‍රකාශන නීතියෙහි 4 (a) (ii) කොටසට අනුකූලව සියලූම කැබිනට් ඇමතිවරුන් ඔවුන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශන ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ලබාදිය යුතුය.
නමුත් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් 2019 ගෝස්තු මස 28 වැනි දින ඉදිරිපත් කරන ලද තොරතුරු දැනගැනීමේ ඉල්ලුම්පතට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ලේකම් කාර්යාලය දන්වා ඇත්තේ 2019 අගෝස්තු මස 20 වැනි දින වනවි ටද කැබිනට් ඇමතිවරු 8 දෙනෙකු තම වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කර නොමැති බවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
