රනිල්ගේ ජෙහාන් ගැන පුවතක්: මහජන බැංකුව 'සිරස' දැන්වීම් කපයි!

රනිල්ගේ ජෙහාන් ගැන පුවතක්: මහජන බැංකුව 'සිරස' දැන්වීම් කපයි!

අගමැති රනිල් වික්‍රමසිංහගේ සමිතතම ව්‍යාපාරික මිතුරා වන ජෙහාන් අමරතුංග සම්බන්ධ පුවතක් පලකිරීමේ චෝදනාව මත සිරස ආයතනයට දැන්වීම් ලබානොදීමට මහජන බැංකු පාලනාධිකාරිය තීරණය කර ඇතැයි වාර්තාවේ. 

මහජන බැංකුවේ දැන්වීම් සම්බන්ධීකරණය සිදුකරන ප්‍රචාරක ආයතනයකට එම දැනුම්දීම සිදුකර තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුව විසින් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත ඉදිකිරීම් සමාගමක් වන MTD Walkers PLC වෙත රුපියල් බිලියන 10 ක ණය මුදලක් මුදා හැරීමේ ආන්දෝලනාත්මක සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු 'කෝප්' කමිටුවේ සාකච්ජාවට බඳුන්ව වූ කරුණක් පසුගිය සිකුරාදා (06) වාර්තා කිරීම මෙසේ 'සිරස' දැන්වීම් වාරණයට හේතුවී ඇත.

MTD Walkers PLC වෙත රුපියල් බිලියන 10 ක ණය මුදල මහජන බැංකුව විසින් තනි පාර්ශවයක් වෙත මෙතක් මුදා හැර ඇති වැඩිම ණය මුදල ලෙසින් මෙය සැලකෙන අතර ඒ සඳහා ණය යොදවා ඇති ව්‍යාපෘතිය ඇගයීම හැර ඇප සුරැකුම් රඳවා ගැනීමක් වාර්තා නොවේ.

මෙහි ඇති වඩාත් ආන්දෝලනාත්මක කරුණ වන්නේ MTD Walkers PLC හි සමූහ විධායක නියෝජ්‍ය සභාපති හා විධායක අධ්‍යක්ෂවරයා වන ජෙහාන් අමරතුංග, මහජන බැංකුවේ ද අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරමින් සිටිය දී මෙම ණය මුදල ලබාගැනීමට කටයුතු කර තිබීමයි.

මහජන බැංකුවේ සභාපති ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර අගමැති රනිල් වික්‍රමසිංහගේ සමීපතම මිතුරකු වුවද 'සිරස' අගමැතිවරයාට එරෙහි ස්ථාවරයක සිට කටයුතු කළ ද ඊට මෙතෙක් මැදිහත් නොවී, අගමැතිගේ ව්‍යාපාරික සහයා වන ජෙහාන් අමරතුංග සම්බන්ධයෙන් මෙසේ වහාම ප්‍රතිචාර දැක්වීම ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ද කතාබහට ලක්වෙමින් තිබේ.

කෝප් කමිටු සාකච්ජා ආවරණය කිරීමට මේවනවිට මාධ්‍යවලට අනුමැතිය ලබාදී ඇති අතර ඒ අනුව ජෙහාන් අමරතුංගට අදාල පුවත අනෙකුත් මාධ්‍ය ආයතන ද වාර්තා කර තිබුනද 'සිරස'ට පමණක් වාරණයක් පැනවීම ද විශේෂ කාරණයකි.

මහජන බැංකුව මුදල් අමාත්‍ය මංගල සමරවීර යටතේ පවතින රාජ්‍ය ආයතනයක් වන අතර ජාතිවාදී හා අන්තවාදී ප්‍රචාර ගෙනයාමේ චෝදනා මත ලංකවේ ප්‍රධානතම රුපවාහිනී ආයතන දෙකකට දැන්වීම් ලබා නොදීමට ඔහු දැනටමත් පියවර ගෙන ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න