ගෝඨාගේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේදී විසිවෙයි !

ගෝඨාගේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේදී විසිවෙයි !

වීරකැටිය ඩී.ඒ. රාජපක්ෂ කෞතුගාරය ඉදිකිරිමේදී මුදල් විශුද්ධීකරණ පනත යටතේ තමන්  ඇතුළු පිරිසකට ඉදිරිපත් කර ඇති චෝදනාවල පෙළගැස්මේ ඇති දෝෂ හේතුවෙන් එම නඩුව විභාග කිරිම වළක්වන ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් නන්දසේන  ගෝඨාභය රාජපක්ෂ  ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකර තිබූ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කළේය.

මෙම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් වන සිසිර ද ආබෘෘ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, විජිත් මලල්ගොඩ, එල්.ටී.බී. දෙහිදෙණිය යන විනිසුරු මඬුල්ල හමුවේ එම පෙත්සම  අද (11දා) විභාගයට ගත්තේය.

එහිදී විනිසුරු මඬුල්ලේ වැඩි ඡන්දයෙන් අභියාචනය ප්‍රතික්ෂේප විය

මේ අනුව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන නඩුව අඛණ්ඩව පවත්වාගෙන යෑමටද හැකියාවක් ලැබෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න