රනිල් සහ වජිරගේ යෝජනාවට : සිරිසේන සහ මංගල විරුද්ධ වෙයි !

රනිල් සහ වජිරගේ යෝජනාවට : සිරිසේන සහ මංගල විරුද්ධ වෙයි !

සංවර්ධන කමිටු සභාපතිධූර දරන පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයට රුපියල් ලක්ෂ දෙකක මාසික දීමනාවක් ගෙවීමට අනුමැතිය ඉල්ලා ඉදිරිපත් කළ කැබිනට් සංදේශයක් ඊයේ (10) පැවැති කැබිනට් රැස්වීමේදී දෙවන වරටත් ප්‍රතික්ෂේප වී ඇත.

අගමැති රනිල් වික්‍රමසිංහගේ ද සහය ඇතිව ඉදිරිපත් කර තිබු එම යෝජනාවට ඊයේ පැවැති කැබිනට් රැස්වීමේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැඩි විරෝධය පළකර තිබේ.

සංවර්ධන කමිටු සභාපතිධූර දරන මන්ත්‍රීවරුන්ට රුපියල් ලක්ෂ දෙකක මාසික දීමනාවක් ගෙවීමට අනුමැතිය ඉල්ලා පළාත් පාලන පළාත් සභා හා ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබිණි.

මෙම කැබිනට් පත්‍රිකාව මීට සති කිහිපයකට පෙරද අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබූ අතර එහිදීද ජනාධිපතිවරයා ඊට දැඩි විරෝධය පළකර තිබිණි.

සංවර්ධන කමිටුවල සභාපතිධූර දරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 23 දෙනෙකුට මෙම දීමනාව ගෙවීමට අනුමැතිය ඉල්ලා ඇති බවද වාර්තාවේ.

එම යෝජනාවට විරෝධය පළකර ඇති ජනාධිපතිවරයා මේ අවස්ථාවේ එවැනි දීමනාවක් ගෙවීමේ හැකියාවක් නැතිබවත් එවැන්නක් ගෙවීමෙන් රාජ්‍ය නිලධාරීන්ද කලබල විය හැකි බවත් පවසා ඇත.

එහිදී අදහස් දක්වා ඇති වජිර අබේවර්ධන අමාත්‍යවරයා, සංවර්ධන කමිටු සභාපති ධූර දරන පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයට ඉකුත් වසරේ ඔක්තෝම්බර්  මාසය වන විට තෙක්ම මෙම දීමනාව ගෙවා ඇති බව සඳහන් කර ඇත.

කෙසේවුවද මෙහිදී අදහස් දක්වා ඇති මුදල් අමාත්‍යවරයා ජනාධිපතිවරයාගේ ස්ථාවරය අනුමත කර තිබේ.

(ද ලීඩර් )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න